| අමිල ගුණරත්න
මෑතකදී ගම්පොළ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු තමාට පොලිසියේ උසස් නිලධාරීන් හිරිහැර කරන බව පවසමින් ගම්පොළ නගරයේ ප්‍රධාන හතරමංහන්දියේ ඇති කොන්ක්‍රීට් බැරලයට බැස විරෝධතාවක නිරත විය. පසුගියදා තමා අවසන්වරට සේවය කළ ගම්පොළ පොලිසියට අනුබද්ධ ඇත්ගාල නවනගර පොලිස් මුරපළේ සේවයේ නියුතුව සිටියදී එම ස්ථානයෙන් ද මාරුකර ඇති බවත් දිගින් දිගටම අසාධාරණ ලෙස හිරිහැර කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධානයට පවා පැමිණිලි කර ඇති බවත් පවසමින් මෙම සැරයන්වරයා විරෝධතාවයේ දී සිට අතර පසුව පොලිස් කණ්ඩායමක් පැමිණ විරෝධතාවයේ යෙදී සිටි සැරයන්වරයා පොලිසියට රැගෙන යන ලදි. මෙම පොලිස් නිලධාරියා පවසන අන්දමට ඔහු වසර 29 පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කොට තිබේ. පොලිස් විනය නීති අනුව උපවාස හෝ විරෝධතාවන් දැක්වීම බරපතළ වරදක් බැවින් ඔහුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව සැරසෙන බව වාර්තා වේ.
අතලොස්සක් වූ මානුෂික ගති තිබෙන පොලිස් නිලධාරීන් හැර බහුතරයක් පොලිස් සේවයේ දී සිටින්නන් පසුවන්නේ විශාල මානසික අසහනයකින් සහ පීඩනයකිනි. පොලිසියට ගෙන එන සැකකාරයන්ට වද දී හෝ මරා දමා ඔවුන් තම අසහනය අඩු කර ගනිති. නමුත් වද දීමෙන් සහ මිනි මැරීමෙන් මෙම පීඩනය අඩු නොවේ . එය තව තවත් වැඩි වේ. පොලිස් සේවයේ රාජකාරී අසහනය නිසා අඟුලාන , දොම්පේ යන පොලිසි වල අහිංසක මිනිසුන්ට පාතාල ලේබල් වැදී පරලොව යාමට සිදු විය. මෙම පොලිස් අසහනය නිසා ජනතාවද අසහනයට පත්ව අඟුලාන , දොම්පේ පොලිස් ස්ථාන ගිනිබත් කරන ලදි. නමුත් මෙවැනි දේවල් තව දුරටත් ඉදිරි කාලයේ සිදු වනු ඇත. පොලිස් ස්ථාන තව තවත් ගිනිබත් වනු ඇත.
පොලිසිය තුල පවතින රාජකාරි අසහනය පිට කරන්නේ මහජනතාව පිටින්ම පමණක්ම නොවේ. එය අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ පිටින් ද සමහර විට යැවේ. පොලිස් නිලධාරීන් එකිනෙකාට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගන්නේත් බැරල් වලට බැස විරෝධතා පවත්වන්නේත් මේ හේතුවෙනි. එම නිසා විරෝධතාකරුවන්ට විනය පරීක්ෂණ තබන ගමන් පොලිස් සේවයේ අසහනය, පීඩනය අඩු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීමට පොලිස්පතිවරයාට නුවණැස පෑදේවා යැයි අප ප්‍රර්ථනා කරමු .
Post a Comment