| කිෂානි වැලිවිටිගොඩ
2002 වර්ෂයේදී ගුජරාට් ප්රාන්තයේදී පැවති ජාතිවාදී කෝලහාලයේදී මුස්ලිම් ජාතිකයින් 33 දෙනෙක් එකම ස්ථානයේදී මරා දැමීම නිසා වරදකරුවන් වූ 31 දෙනෙකු හට අද දින ඉන්දීය අධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.
මිනි මැරීම, මිනි මැරීමට උත්සාහ දැරීම, අපරාධ කිරීමට කුමන්ත්රණය කිරීම, ද්වේශ සහගත ලෙස දේපල ගිනි තැබීම, කල කෝලහාල කිරීම සහ පණ පිටින් පිළිස්සීම යන චෝදනා සඳහා හින්දු නිකායිකවරුන් 31 දෙනෙකු වැරදිකරුවන් වුහ.
චෝදනා ලබා සිටි සැකකරුවන් 73 දෙනාගෙන් 31 දෙනෙකු වරදකරුවන් වූ අතර ඉතුරු 42 දෙදෙනා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.
කෝලහාලය සිදු වන අවස්ථාවේදී මුස්ලිම් ජාතිකයින් කෝලහාලකරුවන්ගෙන් බේරීම සඳහා එකම නිවසකට රැස් වූ විට කෝලහාලකරුවන් එම නිවසට ගිනි තැබීම නිසා එම මුස්ලිම් ජාතිකයින් ඝාතනයට ලක් විය.
Post a Comment