| පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනශූරී විද්‍යාවිශාරද ආචාර්ය
සැකසීම - අචලා ජයසූරිය
නාහං අනාගතං දීඝං - සමවෙක්‌ඛාමි පක්‌ඛිම
ඨිතො දසසු ධම්මෙසු - පරලොකං න සන්තසෙ
ධානං සීලං පරිච්චාගං - අ-ජවං මද්දවං තපං
අක්‌කොධං අවිහිංසCඳ්ච - ඛන්තිCඳ්ව අවිරොධනං
පක්‍ෂි රාජය, මම ආයුෂ මද බව සලකන්නෙමි. දශ රාජධර්මයන්හි පිහිටියෙමි. පරලොවට බිය නොවන්නෙමි.
දන් දීමය, සිල් රැකීමය, පරිත්‍යාගය, සෘජු බවය,මෘදු බවය, උපෝසථ ශීල සමාදාන සංඛ්‍යාත තපසය, මෛත්‍රී පූර්ව භාග කොට ඇති අක්‍රෝධය. කරුණා පූර්ව භාග කොට ඇති අවිහිංසාවය, අධිවාසනා සංඛ්‍යාත ක්‍ෂාන්තිය. එකඟභවය, (මෙකී කුසලධර්මයන් මා කෙරෙහි පිහිටියවුන් බලමි. මට එයින් ප්‍රීතියත්, මහත් සොම්නසත් පහළ වන්නේය.)
මෙම දශරාජ ධර්මය තුළින් ප්‍රකාශ කෙරෙන්නේ රජෙකු විසින් තම රටවැසියා වෙත ඉටු කළ යුතු යුතුකම් රාශියකි. එබඳු යුතුකම් විශාල ප්‍රමාණයක් පෙළ සාහිත්‍ය තුළ විද්‍යමාන වේ. ඒවා අතර දස සක්‌විතිවත්, සතර අගතියෙන් තොරවීම, සතර සංග්‍රහ වස්‌තු යනාදී කාරණා නිතර අපට අසන්නට ලැබේ. එයිනුත් දශරාජ ධර්මයන්ට හිමි වන්නේ ප්‍රමුඛස්‌ථානයකි. ඊට හේතුව ඒවා රජෙකුගේ යුතුකම් වශයෙන් ම නම් කර තිබීම විය හැකිය. මෙම මාතෘකාවට ප්‍රවේශ වීමට පෙර බෞද්ධ දේශපාලන චින්තනය පිළිබඳ කරුණු ස්‌වල්පයක් ඉදිරිපත් කිරීම හොඳ යෑයි කල්පනා කළෙමි.
බුදු දහම තුළ රජුන්ට අදාළ දේශපාලන දර්ශනයක් නොමැති බව සමහර විචාරකයන් විසින් සඳහන් කර තිබේ. විශේෂයෙන් ම බටහිර විචාරකයෝ මේ මත දැරූ අය අතර මුලින්ම සිටිති. සමහර විට දේශීය විචාරකයන් ඒවා අනුකරණය කරමින් එම අදහස් එක්‌තරා මට්‌ටමකට අනුමත කරන අවස්‌ථාවන් අපට දක්‌නට ලැබේ. බෞද්ධ දේශපාලන චින්තනය සම්බන්ධ තවත් ගැටලුවක් නම් සමහර විචාරකයෝ එය තම තමන්ගේ රුචි අරුචිකම් මත පිහිටා තමන් ප්‍රියකරන දේශපාලන රාමුවට බෞද්ධ දේශපාලන ඉගැන්වීම් ද බහාලීමට යන්ත දරති. ඒ අනුව සමහරු බෞද්ධ දේශපාලනය සමාජවාදය පදනම් කරගත්තක්, එසේත් නැත්නම් තීරණය කරති. එසේම තවත් පිරිසක් බුදුරජාණන් වහන්සේ හා සමකාලීන රජුන් අතර පැවැති සමීප සම්බන්ධතා හා ඔවුන්ට කළ දේශනා නිරීක්‍ෂණය කොට බෞද්ධ දේශපාලන චින්තනය රාජාණ්‌ඩු එසේත් නැතිනම් වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රටාවට හිතෛෂී ක්‍රමයක් වශයෙන් නිගමනය කරති. මෙකී ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙක හැරණු විට එදා මෙන්ම අදත් ලෝකයේ ක්‍රියාත්මකවන තවත් දේශපාලන රාමුවකි. ඒකාධිපති ක්‍රමය, එසේත් නැතිනම් චක්‍රවර්ති රාජ ක්‍රමය.
බුදුරජාණන් වහන්සේ මෙම ත්‍රිවර්ගී දේශපාලන රටාවන්ට අදාළ දේශනා කළ බව අප විසින් පිළිගත යුතුය. උදාහරණ වශයෙන් චක්‍රවර්ති රාජ සංකල්පය හා බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ දේශනා ඉදිරිපත් කළ හැකිය. දීඝ නිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රය, කූටදත්ත සූත්‍රය, මහා සුදස්‌සන සූත්‍රය හා ම-Cධිම නිකායේ සේල සූත්‍රය යනාදී තැන්වල මෙකී අදහස් විද්‍යමානවේ. ම-Cධිම නිකායේ සේල සූත්‍රයේ මෙසේ දැක්‌වේ.
"රාජා හමස්‌මි සේලාZති - ධම්මරාජා අනුත්තරෝ
ධම්මෙන චක්‌කං වත්තෙමි - චක්‌කං අප්පතිවත්තියං"
සේල බමුණුතුමනි, මම අනුත්තර වූ ධර්මරාජ වෙමි දැහැමෙන්, ආපසු හැරවිය නොහැකි ධර්ම චක්‍රය පවත්වමි.
"මයා පවත්තිතං චක්‌කං - ධම්ම චක්‌කා අනුත්තරො
සාරිපුත්තො අනුවත්තේති - අනුජාතො තථාගතං"
මා විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්ම චක්‍රය තථාගතයන් වහන්සේ හා අනුජාත වූ සාරිපුත්‍රයන් වහන්සේ අනුවර්තනය කරන්නාහ.
බ්‍රහ්ම භූතෝ අතිතුලෝ - මාර සේනාපද්දනො
සබ්බාමීත්තේ වසී කත්වා - මොදමි අකුතොභයං"
බ්‍රහ්ම භූත වූයේ, අතුල්‍ය වූයේ, මර්දනය කරන ලද මාර සේනා ඇත්තේ වෙමි. කෙලෙස් නමැති සියලු අමිත්‍රයන් වශී කොට නිර්භයව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ විසින් තමන් සක්‌විති රජෙකු හා තුලනය කරමින් දේශනා කරන ලද මෙබඳු ප්‍රකාශ මත පමණක් පිහිටා උන්වහන්සේ ඒකාධිපති දේශපාලන ක්‍රමයක් අගය කළා සේ සැලකීමට සමහරු ඉක්‌මන් වෙති. එසේම බුදුරජාණන් වහන්සේ හා සමකාලීන කොසොල්, බිම්බිසාර වැනි රජුන් සමඟ පැවැති සමීප සදබඳතාවන් ද එසේම උන්වහන්සේ විසින් ඔවුන්ගේ යහපතට කළ සමහර සූත්‍ර දේශනා ද නිරීෂණය කළ ඇතැම් විචාරකයෝ බෞද්ධ දේශපාලනය රාජාණ්‌ඩු ක්‍රමයට අනුබල දෙන්නක් සේ කල්පනා කරති. වරක් කොසොල් රජු බුදුරජාණන් වහන්සේ හා තමන් අතර පවතින සාම්‍යන් ප්‍රකාශ කරමින් තම ලෙන්ගතු බව ප්‍රදර්ශනය කළ අවස්‌ථාවක් ම-Cධිම නිකායේ ධම්මෙච්කිය සූත්‍රයෙන් වාර්තා වේ. ඒ මෙසේය.
"පුන ච පරං භන්තෙ - භගවපී ඛන්තියෝ
අහම්පි ඛත්තියො, භගවාපි කොසලො
අහම්පි කොසොලො, භගවාපි ආසීතිකො
අහම්පි ආසීතිකො..... ඉමිනා වාරහාමෙවාහං භන්තෙ, භගවතී, පරම්නිපච්චාකරං, කත්තුං චිත්තුපහාරං උපදංසෙතුං"
"තවද භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයහ. මම ද ක්‍ෂත්‍රියයෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් දනව් වැසියම්හ, මම ද කොසොල් දනව් වැසියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූ වයස් ඇතියහ. මම ද අසූ වයස් ඇතියෙමි. යන යම් කරුණක් ඇත්ද? ස්‌වාමීනි මම මේ කරුණින් මැ පරමගෞරවාකර කරන්නට ගෞරවෝපහාර දක්‌වන්නට නිසියෙමි මැ යෑ."
එසේම බුදුරජාණන් වහන්සේ විසින් රජුන්ගේ රාජධර්ම වශයෙන් ඉදිරිපත් කළ දේශනා ද බොහෝ වේ. විශේෂයෙන් ම ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණ දරන බෞද්ධ භික්‍ෂුන් විනයේ ඉදිරිපත් කෙරෙන අධිකරණ සමථ හතක් හා ඡන්ද විමසීම් ක්‍රමය බොහෝ සේම රාජාණ්‌ඩු ක්‍රමයට පක්‍ෂපාතී ඉගැන්වීම් වශයෙන් සඳහන් කෙරේ. පුරාණ රාජාණ්‌ඩු ක්‍රමයට සමීප සම්බන්ධතා දැක්‌විය හැකි වර්තමාන ප්‍රජාතාන්ත්‍රික ආණ්‌ඩුවල බෙහෙවින්ම සම්භාවනාවට පාත්‍ර වූ ක්‍රමයක් වශයෙන් අධිකරණ සමථ හා ඡන්ද විමසීම් සඳහන් කළ හැකිය.
සමූහාණ්‌ඩු හෙවත් වර්තමාන සමාජවාදී ක්‍රමයට අනුබල දෙන දේශනා වශයෙන් විචාරකයනගේ පැසසුමට පාත්‍ර වූ ඉගැන්වීම් ද පෙළ සාහිත්‍යයෙන් සොයා ගත හැකිය. ඒවා අතර සප්ත අපරිහාණිය ධර්ම සංඝික ක්‍රමය, නඩු විමසන ක්‍රමය (ව-ජි අධිකරණ ක්‍රමය) අග්ගCඳ්Cඳ සූත්‍රයේ ඉදිරිපත් කෙරෙන පොදු දේපළ පරිහරණය බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසු නායකයකු ශාසනයට පත් නොකොට ධර්ම විනය නායකත්වයෙහි තැබීම හා බුදුරජාණන් වහන්සේ හා ලිච්ඡවී ව-ජි වැනි රාජදරුවන් හා ඔවුන්ගේ සමූහාණ්‌ඩු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම බඳු කාරණා රාශියක් බුදුරජාණන් වහන්සේ සමාජවාදියකු සේ නම් කිරීමට උපයෝගී කර ගන්නා අවස්‌ථාවන් දැකිය හැකිය.
එහෙත් මේ සියලු දේශනා තුළින්ම ප්‍රදර්ශනය වන්නේ බෞද්ධ දේශපාලන ධර්ම මේ සියලු ආකෘති ඉක්‌මවාසිටින බවයි. මෙබඳු දේශපාලන ආකෘති තුළ ඒවා සිර කිරීමට වඩා ඒවා මේ සියල්ල අභිබවා යන විශ්ව ව්‍යාප්තව ආදේශ කළ හැකි පොදු විශ්ව ධර්මතා වශයෙන් අගය කළ හැකිය. ඒවා දේශනා කළ සන්දර්භයන් අනුව යමෙකුට යම්යම් පුද්ගල බද්ධ හා ආකෘති බද්ධ නිර්වචන දිය හැකි වුවත් බෞද්ධ දේශපාලන ධර්මවලට හිමි තැන එය නොවන බව වටහා ගත යුතුයි.
විශේෂයෙන්ම බෞද්ධ දේශපාලන ධර්මවලට ආගමික පසුබිමක් හා පරමාර්ථයක් පවතින බව පෙන්වා දිය හැකිය. යම් ධර්ම පදයක් තේරීමේදී ඊට අදාළ සන්දර්භාර්ථය මෙන්ම එම ධර්මතාවල පවතින ආගමිකාර්ථය ද සැලකිල්ලට ගත යුතු වේ. උදාහරණ වශයෙන් මා මාතෘකා කළ මුල්ම ගාථාවේ "පක්‍ෂිරාජය, මම ආයුෂ මඳ බව සලකමි. දශරාජ ධර්මයන්හි පිහිටියෙමි. පරලොවට බිය නොවන්නෙමි." යන ප්‍රකාශයේ ජීවිතයේ අනිත්‍ය බව ද, පරලොව පිළිබඳ විශ්වාසය ද රජෙකුට තිබිය යුතු බව අවධාරණය වී තිබෙන අයුරු පෙන්වා දිය හැකිය. මෙම ආගමික පසුබිමෙන් පන්නරය ලැබීමෙන් රජතුමා දශරාජ ධර්ම රක්‍ෂණය කරයි. මේ නිසා බෞද්ධ දශරාජ ධර්ම හුදු සමාජ යුතුකම් සමූහයක් පමණක් නොවේ. රජතුමා දශරාජ ධර්ම තම රටවැසියාට ඉටු වියයුත්තේ එක් අතකින් තම යුතුකම් පැහැර හැරීමෙන් පරලොව දුගතිගාමී වීම වළක්‌වා ගැනීමටත්, අනෙක් අතින් තාවකාලික වූ තම රජ සැප අයුතු සේ පරිහරණය නොකිරීමටත්ය. මහා හංස ජාතකයේ කියෑවෙන රජතුමා තමන් මේ ලෝකයේ ජීවත් වන්නේ ඉතාමත් සුළු ආයුෂ ප්‍රමාණය සලකා වන වහාම තම යුතුකම් කොටස, එහි සඳහන් වන පරිදි දශරාජ ධර්ම සමාජය විෂයෙහි ඉටු කිරීමට උනන්දු විය. එසේම එතුමා එම රාජ ධර්ම මැනවින් ඉටු කළා කියා සතුටු වන බැවින් පරලොව ගමනට බිය නැති බව ද ප්‍රකාශ කරයි. මේ නිසා බෞද්ධ දශරාජ ධර්ම තුළ විද්‍යමාන ආගමික පසුබිම හා පරමාර්ථය නිසා රජෙකු ඒවා ඉටු කළ යුත්තේ හුදෙක් තම රජ සැප වර්ධනය කර ගැනීම පිණිසම නොව ඉන් එහාට ගමන් කොට අවංක පවිත්‍ර ෙච්තනාවෙන් ම එය සිදු කළ යුතුය. එබඳු ආගමික විශ්වාසයක් ඇති රජු පාපයට බිය වේ. නීතියට ගරු කරයි. මිනිසුන්ට හිංසා පීඩා නොකරයි. අධර්මයෙන් රට කිරීමෙන් වැළකෙයි. විශේෂයෙන් ම සතර අගතියෙන් අගතිමත් නොවේ. ඡන්දා, දොසා, භයා, මෝහා යන සතර අගතියෙන් අන්තයට ගිය පසු තම අසීමිත බලය නිසා රජවරු අධර්මය ක්‍රියා කරති. විරුද්ධ මත දරන්නන් විනාශ කරති. එබඳු රජකු තුළ යම් හික්‌මීමක් පාලනයක් ඇති කෙරෙන්නේ ඔහු බුදු දහම එසේත් නැතිනම් කර්මය හා කර්මඵලය විශ්වාස කරනනේ නම් පමණි. අගතිගාමී රජකුට කිසි විටෙකත් "අවිරෝධතා" ධර්මය ප්‍රගුණ කළ නොහැකිය. ඔහු තුළ පවත්නා කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණ පිහිටන්නේ නැත. තම හිතෛෂීන් විෂයෙහි පමණක් මෛත්‍රී සහගත වීම හෝ කාරුණික වීම අවිරෝධතා ධර්මය විය නොහැක. තමන්ගේ විරුද්ධ පාක්‍ෂිකයන්ට ද යුක්‌තිය සාධාරණත්වය ඉටු කිරීම රජකුගේ අවිරෝධතාව වේ.
සාම, දාන, භේද, දණ්‌ඩ මගින් තම විරුද්ධවාදීන් ව්‍යවර්ථ කිරීම බෞද්ධ දශරාජ ධර්මය හා සමාන කළ නොහැකිය. එසේම ඒවා දාන, ප්‍රියවචන, සමානාත්මතා හා අර්ථචර්යා යන සතර සංග්‍රහවස්‌තු සමග ද තුලනය කළ නොහැකිය. බෞද්ධ රජකුගේ තිබිය යුතු සුවිශේෂීත්වය නම් සතුරාටත් එසේම මිතුරාටත් සතර සංග්‍ර වස්‌තුවලින් එක හා සමානව සැලකීමයි. මෙම සතර සංග්‍රශ වස්‌තුවල කියෑවෙන සමානාත්මතා ගුණය දශරාජ ධර්මවල අවිරෝධතාව විවරණය කිරීමේදී ඉතාමත් වැදගත් වේ. සතර වස්‌තුවලින් සංග්‍රහ කිරීමෙන් තමන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් තරුණ වූ අතුල් පතුල්ද, දැල්කවුළුවකට බඳු අත්පා ද ඊට පෙර සර්වග සම්පත්තිය ද ලද බව බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ ලක්‌ඛන සූත්‍රයේදී ප්‍රකාශ කළ සේක. ඒ මෙසේය.
"මහණෙනි, තථාගත තෙමේ පළමු දැහි පළමු අත්බැව්හි, පළමු වාසස්‌ථානයන්හි පෙර ද මිනිස් වූයේම දානයෙන් ප්‍රිය වචනයෙන්, අර්ථ චර්යාවෙන් සමානාත්මතාවයෙන් යන සතර සංග්‍රහ වස්‌තුන්ගෙන් ජනයාට සංග්‍රහ කරන්නේ වීය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්මය කළ බැවින් රැස් කළ බැවින් ඒ කර්මයාගේ උත්සන්න බැවින් මහත් බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැවැ මේ මිනිස් බවට ආයේම මේ මහා පුරුස් ලකුණු දෙක ලබයි. හේ මොළොක් තරුණ අතුල් පතුල් ඇත්තේද, දැල් කවුළුවකට බඳු අත් පා ඇත්තේද වෙයි. හේ ඒ ලකුණුවලින් සමන්විත වූයේ, ඉදින් ගිහි ගෙයි වසන්නේ නම්, සක්‌විති රජ වෙයි. රජ වන්නේ කුමක් ලබයිද? (සිවු සඟරාවකින්) මොනවට සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් බමුණු ගැහැවි ජනයෝ ද. නිගම් වැසි දනවු වැසි ජනයෝ ද, අය වැය ගණන් කරන්නෝ ද, මහාමාත්‍රයේ ද, සෙනාŒගරක්‌නා හස්‌ත්‍යාචාය_dදීහු ද ඇමැතියෝ ද, පරම්පරාගත වැ රජ පිරිසෙහි වූවෝ ද රජහු ද රජුන්ගෙන් ලත් භෝග සම්පත් ඇත්තෝ ද රජකුමරුවෝ ද යන මොවුහු හැම ඔහු විසින් මොනවට සංග්‍රහ කරන ලද්දහු වෙත්. රජ වන්නේ මෙය ලබයි. බුදු වන්නේ කුමක් ලබා ද? යත්( මොනොවට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තේ වෙයි. ඔහු විසින් මහණ හු ද, මෙහෙණෝ ද, උවසුවෝ ද , උවැසියෝ ද දෙවියෝ ද මිනිස්‌සු ද අසුරයෝ ද, නාගයෝ ද, ගන්ධවයෝ ද, මොනවට සංග්‍රහ කරන ලද්දාහු වෙත්. බුදුÊවන්නේ මෙය ලබයි."
මේ අනුව රජෙකු විසින් තම රටෙහි වසන සියලුම ජනයාට කිසිදු භේදයකින් තොරව සමාන සුබ දුක්‌ඛ භාවයෙන් සංග්‍රහ කිරීම සමානාත්මතාව වන අතර ම එයම ඔහුගේ අවිරෝධතා රාජධර්ම පූර්ණය ද වන බව පැවැසිය හැකිය. රජතුමාගේ අවිරෝධතාව හිතවත් අහිතවත්, උසස් පහත්, ලොකු කුඩා භේදයකින් තොරව පියෙක් තම දරුවන්ට දක්‌වන සෙනෙහස හා සමාන පෘථුල මානව දයාවකින් ආඪ්‍ය වූවක් බව පැවැසිය යුතුය.
රජෙකුගේ අවිරෝධතාව මූර්තිමත් කෙරෙන සතර සංග්‍රහ වස්‌තු අතර ඉතා වැදගත් අංගයකි. "අත්ථචරියා" යන්න. එනම් රජතුමා තම සියලු රටවැසියාගේ අභිවෘද්ධිය පිණිස භේදයකින් තොරව ක්‍රියා කිරීමයි. ඒ සඳහා ප්‍රධාන විෂයක්‍ෂේත්‍ර තුනක් පෙන්වා දිය හැකිය. ඒවා නම්,
නීතිය සුරැකීම.
ආරක්‍ෂාව සැලසීම
ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා ආර්ථික සංවර්ධනය ඇති කිරීම යනුයි.
රජුගේ එක් ප්‍රධාන වගකීමක් වන්නේ නීති සම්පාදනය හා ක්‍රියාත්මක කරවීමයි. දීඝ නිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රයේ එය මෙසේ සඳහන් වේ.
"ධර්මය මත ර¹ පවතිමින් ධර්මයට ගරු කරමින් ධර්මයට පුද සත්කාර කරමින් ධර්මයම තමාගේ උතුම් ස්‌ථානයෙහි තබා ගනිමින් ධර්මද්වජයක්‌ව, ධර්ම සංකේතයක් බවට පත්වෙමින් ධර්මයම තමාගේ ගුරුතුමා වශයෙන් තබා ගනිමිනි....."
මෙහි රජුගේ ධර්මය යනු නීතියකි. එනම් රජතුමා නීතිගරුක වීමයි. ඔහු තමන් නීතිගරුක වී සෙසු අය ද නීති ගරුක කළ යුතුය. රටක සාමයේ සංකේතය ද නීතියයි. නීතිය වල් වැදුණු කල්හි රටක් පරිහානියට පත් වේ. දීඝ නිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රයේ එන දස සක්‌විති වත්වල අටවන කාරණය ද මෙය වේ. ඒ මෙසේය. "පුත්‍රය සිය රාජ්‍යයේ අධර්ම ක්‍රියා (නීති විරෝධී ක්‍රියා) නොපත්නා ලෙසට ක්‍රියා කළ යුතුය (මා ච තෙ තාත විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ). රජතුමාගේ නීතිය හා සම්බන්ධ කෙරෙන අනෙක් වැදගත්ම සාධකය වන්නේ පඤ්චසීල පූරණයයි. රජු තමන් පන්සිල් රකිනවා පමණක් නොව තම රටවැසියා ද පන්සිල් රකින සීලවන්ත පිරිසක් බවට පත් කිරීමට වෙහෙස මහන්සි විය යුතුයි. පන්සිල් රකින සමාජය නීතිය, ආරක්‍ෂාව, යුක්‌තිය, සාධාරණත්වය හා එකිනෙකාට ගරු කිරීමාදී බොහෝ ගුණධර්ම සුරක්‍ෂිත වේ.
රජෙකුට නීතිය ක්‍රියාත්මක නොකර වැරදි කරන තම හිතවතුන් බේරීමටත්, එසේම නීතිය අයුතු සේ ක්‍රියාත්මක කර තම විරුද්ධවාදීන් මර්දනයටත් ඉඩ කඩ සකසා ගත හැකිය. වරක් කොසොල් රජතුමා තම රටවැසියකුගේ බිරිඳ කෙරෙහි රාගය උපදවා එම අසරණ ස්‌වාමියා නීතිමය ලෙස මරා දැමීමට ගත් උත්සාහයක් ධම්මපදට්‌ඨ කථාවෙන් වාර්තා වේ. නීතියේ අධිපති රජු නීතිගරුක වීම හා රටවැසියාට සාධාරණව සමානව ක්‍රියා කිරීම උතුම් ගුණයකි.
රජතුමාගේ අවිරෝධතාව ප්‍රගුණ කළ හැකි අනෙක් මාවත වන්නේ තම විජිතයේ සියලු ජන කොටස්‌වලට ආරක්‍ෂාව සැලසීමයි. දීඝ නිකායේ චක්‌කවත්තිසීහනාද සූත්‍රයට අනුව රජ තම බලසේනාව, ක්‍ෂත්‍රියයන්, බ්‍රාහ්මණයන්, නිගමවාසීන්, ජනපදවාසීන් පමණක් නොව සතා සිව්පාවාට ද රැකවරණය දිය යුතු වේ. රටක විධායක බලය රජු සතු වේ. එය සමස්‌ත ජනතාවගේම ආරක්‍ෂාව පිණිසම යෙදිය යුතු වේ. ආරක්‍ෂාව සැලසීම රජුගේ මුඛ්‍යමත වගකීම බව දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ද ප්‍රකට වේ. එහෙත් එය විරුද්ධ මත දරන්නන් විනාශ කිරීමට යෙදීම රජුගේ අවිරෝධතාව නොවේ. මෙහිදී පරසතුරන්ගෙන් තම රටවැසියා රැක ගැනීමට රජු යුද්ධ කිරීමත්, තම දේශපාලන විකල්ප මත දරන්නන් විනාශ කිරීමට තම බලය යෙදීමත් යන කාරණා දෙක පටලවා නොගත යුතුයි.
තම රට වැසියාගේ ආර්ථික වර්ධනය ඇති කිරීමට ක්‍රියා කිරීම රජුගේ අත්ථචර්යාව මෙන්ම අවිරෝධතාව ප්‍රදර්ශනය කළහැකි තවත් අංශයකි. රටක ආර්ථික සමෘද්ධිය ඇති කළ යුතු ආකාරය දීඝනිකායේ කූටදත්ත සූත්‍රයේ අගනා විවරණයක් දැක්‌වේ. ඒ මෙසේය.
"සිය රටේ යමෙක් කෘෂිකර්මාන්තයෙහි හා ගව පාලනයෙහි උත්සාහවත් වේ නම් රජතුමා ඔවුන්ට ධාන්‍ය බීජ ද, ආහාරය ද, දේවා වෙළ¹මෙහි යෙදෙත් නම් ඔවුන්ට මුදල් ද බත් වැටුපක් ද දේවා. ඔවුහු සිය වැඩපළෙහි යෙදුනේ රට නොපෙළන්නාහ."
මින් අවධාරණය කෙරෙන්නේ ප්‍රාග්ධන සැපයීමයි. ඒ ඒ කාර්යයන්හි නියුක්‌ත රට වැසි ජනයාට අවශ්‍ය ආයෝජන පහසුකම් සම්පාදනයයි. දීඝ නිකාය අටුවාව "පාභත" යනුවෙන් එය දක්‌වන අතර, සමහර විටෙක එය ලේඛනගත කිරීමකින් තොරව කළ යුතු අවස්‌ථාවක් ද ඇති බව පෙන්වා දී තිබේ. මෙහිදී ආර්ථික වර්ධනය කිසිදු භේදයකින් තොරව රටක සෑම තැනකටම විසිරී යන අයුරින් ව්‍යාප්ත කිරීම වැදගත් ය. එසේම ජාති, ආගම්, කුල භේදයකින් තොරව එය ඉටු කිරීමට ද අවශ්‍ය වේ. මේ අයුරින් සෑම අංශයකින්ම තම රට වැසියනට සේවය කිරීම තුළින් රජතුමා මෙහිදී දශ රාජ ධර්මවල අවසනට කියෑවෙන අවිරෝධතාව ප්‍රගුණ කරන්නෙක් වශයෙන් පෙන්වා දිය හැකිය.
Post a Comment