| කිෂානි වැලිවිටිගොඩ
ගඩාෆි ඝාතනයෙන් පසු ලිබියාවේ පැවති අර්බුදය විසදෙමින් තිබෙන කාලයත් සමගම මුළු ලෝකයේම අවධානය දැන් යොමු වී තිබෙන්නේ ඇමෙරිකාවේ ඊළඟ පියවර කුමක් වේද යන්න ගැනය. ඉරානයට එරෙහිව ඇමෙරිකාව, ඊශ්‍රාලය සහ බ්‍රිතාන්‍ය යන රටවල් තුනම එක් වී ප්‍රහාරයක් එල්ල කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව මේ දින වල විවිධ මාධ්‍ය මගින් හෙළිදරව් වෙමින් පවතී. මෙසේ හෙළිදරව් වෙන කරුණු හේතුවෙන් ඉරානයට එරෙහිව සංග්රාම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුවහොත් එය ලෝකයාට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව ලෝකය බියට පත් වී තිබේ. 2003 මාර්තු මාසයේදී ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කළ නමුත් ඉරානය ආක්‍රමණය කළහොත් ඉරාකය ආක්‍රමණය කළාට වඩා බෙහෙවින් භායනක පල විපාක වලට ලෝකයාට මුහුණ දීමට සිදු වන බව විවිධ අංශ අනාවැකි පළ කර තිබේ.
කෙසේ වෙතත් අද දින ජාත්‍යන්තර පරමාණු ශක්ති අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම වරතාව මඟින් ඉරානයේ නයෂ්ඨික අර්බුදය විෂයෙහිලා නව තොරතුරු රැසක් හෙළි කොට තිබේ. අදාළ වාර්තාව මඟින් පේනවා දෙන පරිදි ඉරානය 2003 වසරේ සිට නියෂ්ඨික අවි නිෂ්පාදනය කළ බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බව සඳහන් වේ. එය නියෂ්ඨික නිරවිකරණ හිවිසුමට සම්පූරණයෙන් එකඟ නොවන අතාර් මේ නිසා ඉරානයට එරෙහිව පවතින සම්බාධක තවත් වැඩි කළ හැකිය. කෙසේ වෙතත් අදාළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් පල කළ ඉරාන ආණ්ඩුව එය සමබර එකක නොවන බවට චෝදනා එල්ල කෙළේය.
කෙසේ වෙතත ඉරානයට එරෙහිව යුධමය ක්‍රියාමාර්ගයක් ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. මෙයට හේතු සාධක වී තිබෙන්නේ ඉරාක සහ ඉරාන රාජ්‍ය ගත් කළ භුමි ප්‍රමාණය, භූගෝලීය පිහිටම, ජනගහනය, සම්පත් සුලභතාවය සහ විවිධ ශක්තින් අනුව ඉරාකයට වඩා ඉරානය බලවත් රාජ්‍යයක් බවට සැලකේ. එසේම ඉරානය, රුසියාව සහ චීනය අතර පවතින ආරක්ෂක සහයෝගීතාවයට ආදාළ කරුණු සහ වෙළඳ සම්බන්ධතාද ශක්තිමත්ය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට පුර්ණ සහයෝගය ලබා දෙන්නේ රුසියාව විසිනි. මේ දින වල රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් හිදී පැවැත්වෙන ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකදී රුසියානු විදේශ ඇමති ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසටත් එසේ නොමැති වුවහොත් භයානක ප්‍රති විපාක වලට මුහුණ දීමට සිදුවන බවටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එසේම මේ වන විට අන්තර් ජාතික පරමාණු ශක්ති ඒජන්සිය විසින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව නිකුත් කොට ඇති වාර්තාව පදනම් කොටගෙන ඉරානයට දැඩි ලෙස චෝදනා එල්ල වීමට ඉඩ තිබෙන අතරම මේ හේතුව නිසාම ඊශ්‍රාලය ඇතුළු බටහිර රටවල් ඉරානයට එරෙහිව තම බලපෑම් වර්ධනය කරමින් සිටි. මීට පෙර අවස්තාවන් වලදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානය සම්බන්ධව සම්බාධක 4 ක් පැනවූ අතර එම සම්බාධක 4 සඳහා රුසියාව සහ චීනය සහයෝගය දැක් වූ නමුත් වර්තමානයේදී ඉරානයට පනවන සම්බාධක සම්බන්ධයෙන් රුසියාව සහ චීනය සහයෝගය නොදක්වන බවය.
Post a Comment