l කිෂානි වැලිවිටිගොඩ
චීනයේ ශාන්දොන්ග් නැගෙනහිර පළාතේ පිහිටි රසායනික බලාගාරයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 14 කට මරණයට පත් වූ අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙන බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි.
ඊයේ (19) මෙම පිපිරිම සිදු වී තිබෙන්නේ සවස් කාලයේදී සිඈන් නගරයේ පිහිටි රසායනික බලාගාරය තුලදීය. එහි සේවකයන් විසින් කන්ඩෙන්සරයක් අලුත් වැඩියා කරමින් සහ අනෙකුත් නඩත්තු කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේදී මෙම සිද්ධිය සිදු වී තිබේ. මෙලමයින් නිෂ්පාදනය කරන ස්ථානයක් ලෙස මෙම කර්මාන්ත ස්ථානය හදුනා ගෙන තිබේ.
සිද්ධිය සිදු අවස්ථාවේදීම සේවකයින් 4 දෙනෙක් එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයන් 15 දෙනෙකු ගිලන් රථ මගින් ප්‍රතිකාර ලබා දීම සඳහා ළඟම පිහිටි රෝහල් වලට ඇතුලත් කර තිබේ. පිපිරීමෙන් ඇති වූ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන හමුදාව විසින් කටයුතු යොදා තිබු බවද වාර්තා වේ.
රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව තුවාල ලැබූ සේවකයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබු අතර සේවකයින් 5 දෙනෙකුගේ ජීවිත රැක ගැනීමට හැකි වී තිබේ .සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් විසින් මේ වන විට පරීක්ෂණ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Post a Comment