ලිබියානු නායක ගඩාෆි සිරත් නගරයේදී ජීවිතක්ෂයට

l කිෂානි වැලිවිටිගොඩ

ලිබියාවේ අන්තර්වාර ජාතික කවුන්සිලය උපුටා දක්වන විදෙස් පුවත් වලින් වාර්තා වන්නේ ලිබියාවේ නායක කර්නල් ගඩාෆි සිරත් නගරයේදී ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. සිරත් නගරයේ පැවතුනු ගැටුම් වලට මැදිවී සිටි ගඩාෆි තුවාල ලබා සිටි ඔහු තම කණ්ඩායම් සමග පලායමින් සිටින අවස්ථාවේදී නේටෝ ප්‍රහාරක යානා මගින් ගුවනින් එම ප්‍රදේශයට බෝම්බ හෙළා ඇති අතර එම අවස්ථාවේ ගඩාෆි දැඩි ලෙස තුවාල ලබා ජීවිතක්ෂයට පත් වූ බව අන්තර්වාර හමුදා ප්‍රධානි වන අබ්දුල් හකීම් බෙල්හාජ් විසින් තහවුරු කර ඇති බවට විදෙස් තොරතුරු වලින් අනාවරණය වේ. තව දුරටත් කරුණු දක්වමින් විදෙස් පුවත් වලින් හෙළි වන්නේ ගඩාෆි අල්ල ගන්න විටත් ඔහුගේ පාද වලට බරපතල තුවාල සිදු වී තිබුණු බවයි. ලිබියාවේ හිටපු නායක ගඩාෆිගේ මළ සිරුර මෙම අවස්ථාවේදී ආරක්ෂක හේතුන් මත රහසිගතව තබා ඇති බවට අන්තර්වාර හමුදාව ප්‍රකාශ කර ඇත.


ගඩාෆිගේ මෙම මරණයත් සමග ලිබියාවේ පුර්ණ පාලනය ලිබියාවේ අන්තර්වාර ජාතික කවුන්සිලයට හිමි වේ. කර්නල් ගඩාෆි ලිබියාව 42 වසරක් පාලනය කළ අතර ඔහුගේ පාලනයට එරෙහිව පසු ගිය පෙබරවාරි මාසයේදී බෙන්ගාසි නගරයෙන් ලිබියානු වැසියන්ගෙන් විරෝධතා මතු වීමත් සමගම එම විරෝධතා පාලනය කිරීමට ගඩාෆිගේ හමුදාව ක්‍රියා කළහ. එසේ ගඩාෆි හමුදාව ක්‍රියා කිරීම හේතුවෙන් ගඩාෆි පාලනය සිවිල් වැසියන් ඝාතනය වන බවට අන්තර්ජාතික වශයෙන් චෝදනා එල්ල විය. 

ගඩාෆිගේ මළ සිරුර ප්‍රථම වරට අල් ජසීරා ඔස්සේ විකාශය කළ අයුරු


Tell a Friend