බන්දනාගාරය, මනුෂ්‍යත්වය, සහ දන හානිය.


හර්ෂි සි. පෙරේරා

බන්ධනාගාරගතව සිටින 36,000කට ආසන්න රැඳවියන් සහ සිරකරුන් වෙනුවෙන් දිනකට රුපියල් එක්කෝටි අට ලක්‍ෂයක් වැයවන බව බන්ධනාගාර සහ පුනරුත්තාපන අමාත්‍යාංශය කියයි.

එක් සිරකරුවෙකු වෙනුවෙන් දිනකට රුපියල් 300ක් වැයවන බවත් සාමාන්‍යයෙන් වර්ෂයකට රුපියල් එක්ලක්‍ෂ දස දහසක් වැය වන බවත් සඳහන්ය.

ඉහත පුවත අනුව සිහිපත් වන කරුණු ගණනාවකි. එනම් මෙම සිරකරුවන් ගෙන් 70% ක් පමණ සැකකරුවන් බවයි. තවද ඔවුන් අතර සුළු දඩුවම් විදින අය සැහෙන පිරිසකි. මේ මනුෂ්‍යයින්ට සිදුවන ඉමහත් අසදාරණය වැළැක්විය යුතුය. පොලිසිය, රස පරීක්ෂක, නීතිපති සහ නඩු පමාව මින් බොහොමයක් සම්බන්දයෙන් වගකීම බාර ගත යුතුය. තවද සුළු දඩ නොගෙවීම් පිළිබද සිර දඩුවම් ලැබූ අය හැකි ඉක්මනින් නිදහස් කිරීමට පියවර ගත යුතුය.

ඊළගට මොවුන් නඩත්තුවට වැය වන්නේ රාජපක්ෂලාගේ බුදලය නොව සාමාන්‍ය මහජනතාවගේ බදු මුදල්ය. ඒ නිසා මනුෂ්‍යයින්ට මනුෂ්‍යයින් විදියට සැලකීමටත් මේ සා විශාල දන හානිය වැළැක්වීමටත් වහාම පියවර ගන්න. මේ දේවල් සිරකරුවන් දබදිව වන්දනාවේ යැවීමට වඩා වැදගත් වේ.




Tell a Friend