තුර්කියේ ඇති වූ ප්‍රබල භූ කම්පනයකින් 50 කට තුවාල



l කිෂානි වැලිවිටිගොඩ 

අද දින තුර්කියේ නැගෙනහිර පාළාතේ වැන් ප්‍රදේශයේ රික්ටර් මාපාංක 7.2 ක් ලෙස සටහන් කරමින් ප්‍රබල භුමිකම්පනයක් ඇති වී තිබේ.

එම ප්‍රදේශයෙන් වාර්තා වන තොරතුරු වලට අනුව භුමිකම්පනය හේතුවෙන් පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි කිහිපයක් කඩාගෙන වැටි තිබේ. මෙම සිද්ධියෙන් මිය ගිය නිශ්චිත සංඛ්‍යාව තවමත් වාර්තා වී නැත. තුර්කියානු භූ කම්පන වේදය ආයතනය මගින් සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 500 ත් 1000 ත් අතර අගයක් ගන්නා ඇති බවට අනාවැකි පල කර තිබේ.

නැගෙනහිර පළාතේ අග නගරය වන වැන් නගරයේ නගරාධිපති වන බෙකිර් කායා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ නගරයේ ගොඩනැගිලි 2 ක් කඩ වැටුණු අතර දුරකථන මාර්ග අවහිරතාවයක් ඇති වූ බවයි. එම භුචලනයේ කේන්ද්‍රයට ඉහලින් පොලව මත පිහිටි කේන්ද්‍රය වුයේ එම පළාතේ ටබන්ලි නමැති ග්‍රාමයෙහි බව වාර්තා වූ අතර එම භූචලනය ඉරානයේ බටහිර අසර්බයිජාන් පළාතට ද දැනුනු බව විදෙස් තොරතුරු වලට වාර්තා වේ. 

Tell a Friend