ඉදින් ලෝකය යහපත්වී ද ?

| අමිල ගුණරත්න

සදාම් හුසේන් හුස්ම ගන්න තුරු නිදහස් ලෝකයට ඉමහත් තර්ජනයක් තිබෙන බව බලවත් ජාතීහු පැවසුහ. ඉන්පසු ඔහුගේ රට ආක්‍රමණය කොට ඔහුව එල්ලා මරා දමන ලදී. නමුත් ඉන්පසු ලෝකය යහපත් වුයේ නැත. දැන් ගැටලුව ඇත්තේ උසමා බින් ලාඩ්න් ජිවතුන් අතර සිටීම බව ඔවුන් කීවෝය. මෙහෙයුමකින් බින් ලාඩ්න්වද මරා දැමිණි. එහෙත් ලෝකය යහපත් වුයේ නැත. දැන් නිදහස් ලෝකයට තර්ජනය තිබෙන්නේ ගඩාෆිගෙන් බව සුපිරි බලවතුන් කිහ. ඊයේ පෙරේදා ගඩාෆි ජීවග්‍රහයෙන් අල්ලාගෙන මරන්නට එපා කියද්දීත් බල්ලෙකු මෙන් මරා දැමුවේය. හෙට අනිද්දා සිරියාවේ අසාද් , ඉරානයේ අහමදිනිජාඩ් , උතුරු කොරියාවේ කිම් ජෝන්ග් , කියුබාවේ රාවූල් කැස්ත්‍රෝ යනාදී වශයෙන් නම් වැලක් එළි දැකීමට ඉඩ තිබේ. එහෙන් මෙම සියලු දෙන ඝාතනය කිරිමෙන්වත් ලෝකය යහපත් වේ යන මිත්‍යාව අප පිලි නොගනිමු. දැනට මරා දැමු පුද්ගලයන් ත්‍රස්තවාදය හා ජන ඝාතන වලට සම්බන්ද වූ බව සැබෑය. ඔවුන් තරමටම නික්සන්, බුෂ් , බ්ලෙයාර් , ඩික් චේනි වැන්නවුන්ද ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළහ. ටොන් ගණන් බෝම්බ හෙලා නිරායුධ ජනතාව මරා දැමුහ. නමුත් ලෝකය යහපත් වුයේ නැත. 



Tell a Friend