දුමින්දගේ සහෝදරයා රෝහල් හෙදියන්ට කුණුහරුපෙන් බනී

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

කුඩු දුමින්ද ප්‍රතිකාර කරමින් සිටින ජයවර්ධන රෝහලේ හෙදියන්ට කුඩු දුමින්දගේ සහෝදරයා කුනුහරපයෙන් දෝෂාරෝපණය කල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙයට හේතු වී ඇත්තේ හෙදියක විසින් සුප් එකක් දුමින්දට පෙවීමේදී ඔහුට කැස්ස ඇති වීමයි. මේ නිසා රෝහලේ කාර්යය මණ්ඩලය තුළ නොසන්සුන් තාවයක් ඇති වී ඇත. රෝහල් ආරංචි මාර්ග අනුව, දුමින්ද දැන් ඇවිදින බවත්, ආහාර ගන්න බවත් වාර්තා වේ. ඔහුගේ තත්වය ඉතා හොද මට්ටමක පවතින බවත් තව ටික කාලයක් ප්‍රතිකාර ගැනීමෙන් ඔහු සාමාන්‍යය තත්වයට පත් වීමට බොහෝ ඉඩ කඩ ඇති බවත් සදහන් වේ. ඔහුව රෝහල් ගත කරන අවස්ථාවේ ඔහුගේ හිසට

වෙඩි වැදී තිබුනත් ඔහු සිහි තත්වයෙන් සිටිය බව ඔහුගේ රියදුරාගේ සාක්ෂි වලින් ඔප්පු වේ. ඔහු පවසා ඇත්තේ දුමින්දව ට්‍රොලියේ දමාගෙන යන අවස්ථාවේදී දුමින්ද චුයිම්ගම් එකක් කමින් සිටිය බවයි. තොරතුරු වාර්තාවන පරීදී දුමින්දගේ සගයන් එකිනෙකාව ඝාතනය කරමින් ආණ්ඩුව සැරසෙන්නේ දුමින්දව කෙසේ හෝ ආරක්ෂා කර ගැනීමටය.

Tell a Friend