ජනමාධය විදුහල - යටිමඩි ගහන හොරුන්ගේ පාරාදීසය

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ශ්‍රී ලංකා ජනමාධ්‍ය විදුහල මේ වන විට දිනෙන් දින අගාධයට ඇද වැටෙන බව තතු දත් ආරංචි මාර්ග සදහන් කරයි. පසුගිය වසරේ සාර්ථකව පැවති ජනමාධ්‍ය විද්‍යලය මේ වසර අවසන් වන්නට ප්‍රථම එයත් රජයේ බංකොලොත් ආයතනයක් වැනි තත්වයට පත්ව ඇත.

ලැබී ඇති තොරතුරුවලට අනුව වසර අවසන්ව ඇතත් මේ දක්වා විෂය නිර්දේශය පවා සාද නැති අතර, එය සාදාගැනීමට තරම් දන්නා අධ්‍යක්ෂවරයෙකු වත්මන් පරිපාලනයේ නැත. ජනමාධ්‍යයට සම්බන්ධ නොවන කෙනකු අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පත්වී ඇති අතර එතැන් පටන් විදුහලේ බිදවැටීම සිදු වුන බව බොහෝදෙනා ගේ අදහසයි. මෙහි අලුත්ම නාටකය වී අත්තේ ලබන වසර සදහා විදුහලේ පාඨමාලා කාලය අවරුදු එකහමාර කිරිමය.

එහෙත් දැන් මෙම වසර ද අවසන් වී ඇත. දැන් ඇත්තේ අවසාන විභාගය පමණි. ලබන වසර සදහා පාඨමාලා කාලය මෙම නව අධ්‍යක්ෂ තැන විසින් වසරකුත් තව මාස හයක් දක්වා දීර්ඝ කරන්නට මේවන විටත් සැලසුම් කර ඇත. මේ සදහා ජනමාධ්‍ය නොවන පුදගලයෙක් වන, පුවත් පත් ආයතනයට CEO ලෙස අහසින් පාත් උන ඉම්රාන් නමැති ව්‍යාපාරිකයා හවුල් වී ඇත. අලුත් අදහස නම් ජනමාධ්‍යය ඉගෙන ගන්නා අසරණ දුප්පත් ළමුන්ගෙන් තව තවත් මුදල් ගැනීමටය. ලක්ෂ ගණන් පඩි ගන්නා මෙම නුසුදුසු පුද්ගලින්ගේ ක්‍රියාකලාපය නිසා අනාගතයේදී ජනමාධ්‍ය විද්‍යාලය මුදල් ඇති කීප දෙනකුට පමණක් සිමා වනු ඇත.

ගම්වලින් එන අසරණ දුප්පත් දරුවන්ට කාගේ සරණක් ද..? මේ පිළිබද නම හෙළි නොකල අයකු පැවසුවේ ‘‘මෙහෙම ගෙවන්න සල්ලි තියෙන්නේ කාටද.. කොලඹ ප්‍රකාශනයේ වත් නැති විදියට දුවන්නේ දැන් මේක. දැන් මේකත් රජෙ බංකොලොත් ආයතනයක් වගේ. රුපියල් 30000 ගෙවන්න බැරි ලමයි ඉන්න රටේ, අඩු ගානේ රස්සාවක් හොයල දෙන්න බැරි ආයතනයක මෙච්චර ගානක් දීල සිරිපාලගේ පුතා ඉගෙන ගන්නේ කොහොමද…??‘

කලින් මුදල ලෙස අය කරනු ලැබුවේ පුවත්පත් සදහා රුපියල් 50000/-, රුපවාහිනී 75000/-, ගුවන්විදුලි 60000/- ආදී වශයෙනි. එහෙත් හෙට එය මෙසේ වනු ඇත. පුවත්පත් සදහා 100000/- රුපවාහිනී 14000/- , ගුවන් විදුලි 12000/- ආදී වශයෙනි. දැන් කියනවා ශිෂ්‍යත්ව දෙනවා කියලා, ඒවාත් දෙන්නේ 20 දෙනෙකුටයි. ඒවත් උතුරු නැගෙනහිරට වැඩියෙන්. කරුමෙක මහත ඇතැම් විට මේ නිසා අසරණ වන නවක ලමුන්ගැන වග කියන්නේ කව්රුන්ද ..??

අප මෙම පුවත ලියන්නේ කොළඹ ප්‍රකාශය ගැන දන්නා නිසාවෙනි. සැබවින්ම කොළඹ ප්‍රකාශයෙන් බිහිවුන ශ්‍රී ලංකා ජනමාධ්‍ය විදුහල අද යන්නේ වැරදි පාරකය. කොළඹ ප්‍රකාශනයේ 13. 3 වගන්තියට අනුව උසස් ප්‍රමිතීන් අත්පත් කරගැනීම සදහා නිර්මාණාත්මක විවේචනයක යෙදෙන ලෙස දක්වා ඇත. ඒ සදහා ඉල්ලීමක්ද කර ඇත. 157 වැනි පිටුවේ එය බලාගත හැකිය.

එසේම අදාළ ආයතනය තුළ පසුගිය කාලය පුරාම අදාළ ආයතනය තුළ සිදු වූ දූෂණ විශාල බව අපට වාර්තා වේ. අදාළ ආයතනය ගැන ඔබ සතු විස්තර තිබේනම් අප වෙත එවන ලෙසත් ඔබගේ පුද්ගලික විස්තර ආරක්ෂා කිරීමට අපි බැඳී සිටින බවත් දැනුම් දීමට කැමැත්තෙමු. Email:  feed@srilankaguardian.org



Tell a Friend