| කිෂානි වැලිවිටිගොඩ
ලන්ඩනය පාදක කරගත් අන්තර් ජාල වෙබ් අඩවියක සේවය කල පාකිස්තානු මාධ්‍යවේදියෙකුගේ මළ සිරුර පාකිස්තානයේ නැගෙනහිරින් පිහිටි ලාහෝර් නුවරදී පාකිස්තානු පොලිසිය විසින් සොයා ගෙන ඇත.
ෆෛසාල් කුරේෂි නමැති 28 හැවිරිදි ලන්ඩනයේ වෙබ් අඩවියක සේවය කල මාධ්‍යවේදියෙකු සිකුරාදා දින උදෑසන මරා දමා ඇති ජේෂ්ඨ පොලිස් නිලධාරි රාසාක් චීමා විදෙස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. කුරේශිගේ ගෙල කපා ඇති අතර ඔහුගේ සිරුරෙහි උල් ආයුධයකින් සිදු කල තුවාල දක්නට ලැබුණු බව ජේෂ්ඨ පොලිස් නිලධාරි රාසාක් පවසා ඇත. තව දුරටත් ඔහු කියා සිටියේ කුරේෂි අවිවාහකව තනිවම ඔහුගේ පවුලේ අය සමග ජීවත් වූ පුද්ගලයෙක් බවයි. මෙම මිනීමැරුම සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර මිනීමැරුමට හේතුව තවමත් සොයාගෙන නැත.
තවත් පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ කුරේෂිගේ ලැප්ටොප් පරිඝනකය සහ ජංගම දුරකතනයද අතුරුදහන් වී ඇති අතර ඔහු ලාහෝර් නුවර පිහිටි තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයකද සේවය කර ඇති බවය. ඇතැම් පුවත් වාර්තා සම්බන්ධයෙන් කුරේශිට නන්නාදුනන පුද්ගලයන්ගෙන් මරණ තර්ජන තිබු බවට සහ එම සිද්ධීන් වලට වගකිව යුතු පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම් වල නම් ඔහු හෙළි නොකළ බවට කුරේශිගේ සහෝදරයෙක් වන සහිඩ් අහමෙඩ් විසින් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත.
Post a Comment