බෙන් අලි පන්නා දැමූ පසු ටියුනිශියාවේ ප්‍රථම මැතිවරණය පැවැත්වේ

| කිෂානි වැලිවිටිගොඩ

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරාබි වසන්තය ආරම්භ වූ ටියුනිශියාව තම දශක ගණනාවක ආඥාදායක පාලන අවසන් කොට නව දේශපාලන ක්‍රමයක් සඳහා වූ මැතිවරණය අද පවත්වනු ලැබීය. සාමාජිකයින් 217 දෙනෙකුට අයත් පාර්ලිමේන්තුවේ අසාන සංඛ්‍යාවක් සඳහා වූ මැතිවරණය සඳහා මිලියන 4.4 ක ජනතාවක් ලියාපදිංචි වී සිටි අතර එරට වේලාවෙන් අද උදෙසන 07.00 මැතිවරණය සඳහා චන්ද විමසීම ආරම්භ කරනු ලැබීය.

මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සාමාජිකයින් ගණන 11,000 ක් වන අතර එරට දේශපාලන පක්ෂ සංඛ්‍යාව 80 කි. නමුත් ස්වාධීන තරග කරුවන්ද දහස් ගණනක් මතිවනයේ චන්ද අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටිති.

අරාබියේ ඇති වූ උද්ඝෝෂණ රැල්ල සඳහා ආරම්භය සැපයූයේ ටියුනිශීයාවෙන් වන අතර එහිදී වසර ගණනාවක් තිස්සේ පවතී බෙන් අලීගේ පාලනය ඉවත කිරීමට උද්ඝෝෂකයින් සමත් වූහ. බෙන් අලී සවුදි අරාභියට පැන ගියේය.

Tell a Friend