බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුර මමියක් බවට පත් කෙරේ

| කිෂානි වැලිවිටිගොඩ

ඇලන් බිලීස් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන අතර ඔහු කිසිම ආගමක් අනුගමනය කළ අයෙකු නොවේ. නමුත් තමන් මියගිය පසු තම සිරුර මමියක් බවට පත් කිරීමේ අදහස ඔහු සතු විය. ඔහුට ඔහුගේ බිරිඳගෙන්ද ඊට අනුමැතිය ලැබුණි. ඔහු මිය ගියේය. මේ වන විට ඔහුගේ සිරුර මමියක් බවට පත් කිරීම සඳහා සියලු කටයුතු සිදු වෙමින් පවතී. ඊජිප්තුවේ තුතන්කාමන් සොහොන් වල දක්නට ලැබෙන වසර දහසගණන් පැරණි මමී හෙවත් දිරාපත් නොවී ගිය මළ සිරුරක් බවට ඔහුගේ සිරුරද පත් වනු ඇත.

" ඔහුට කිසිම ආගමක් තිබුනේ නැහැ. ඒ වගේම මරණින් පසු ජීවිතයක් ගැනද කිසිම විස්වාශයක් ඔහුට නොතිබුණි. මරණ ගැන ඔහුට තිබුන එක නිශ්චිත අදහසක් ඒ තමයි ඔබ මැරුණා කියන්නේ ඔබ මැරුණා කියන එක", බිලිස්ගේ බ්රිඳ වන ජාන් ප්‍රකශ කළාය. බ්‍රිතානයේ චැනල් 4 නාලිකාව මඟින් ආවරණය කළ සිදු වීමක් වන මෙහි බිලීස් තම බිරිඳ සමඟ සිටින සේයාරුවක් මෙන්ම ඔහු මියගිය පසු ඔහුගේ සිරුර මමියක් බවට පත් කරන අකාරය පහතින් දැක්වේ. ( මුලාශ ඩේලි මේල් ඇසුරෙනි ) 

බිලීස් තම බිරිඳ සමඟ

 
 
 Tell a Friend