ඇෆ්ගන් ජනපති ඉන්දීය සංචාරයක

Picture - AlJazeera
ඇෆ්ගනිස්ථාන ජනාධිපති මේ වසරේ දෙවන වරටත් දින දෙකක සංචාරයක් සඳහා ඉන්දියාවට අද පැමිණියේය. කලාපයේ පවතින අතිශය අස්ථාවර තත්වය මධ්‍යයේ ඔහුගේ එම සංචාරය ඉතා තීරනාත්මක එකක් බව සඳහන් වේ. තම සංචාරයේදී ඉන්දීය අගමැති මන් මොහාන් සිං ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතය. එසේම දෙදින සංචාරය තුළදී දෙපාර්ශවය අතර ගිවිසුම් රැසක් අත්සන් කිරෙමට නියමිතය.

කෙසේ වෙතත් අදාළ සංචාරය පිළිබඳව පකිස්තානය නොසතුටට පල කොට ඇති අතර එය පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර ඇති සම්බ්නධතා වලට තීරනාත්මක ලෙස බලපෑ හැකි බවද සඳහන් වේ.

Tell a Friend