මිලින්ද මොරගොඩගේ හොර වැඩ ආරම්භ වෙන්නේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් දසදහස් ගණනක ජනතාවගේ මුදල් කොල්ලකෑමෙනුයි. ඒ විතරක් නෙවෙයි, මර්කන් ටයිල් ආයතනය මහ බැංකුවට රුපියල් බිලියන 4.7ක පොල්ලකුත් තිබ්බා. මේ වංචනික ක්‍රියාව හේතුවෙන් එදා රු. මිලියන 5071.3 ක් මහ බැංකුවට පාඩුවූ අතර අදවන විට එහි පොලියත් සමග රු. මිලියන 9001ක්.
ලංකාෙව් ප්‍රධානතම පරිපාලන නගරය වන කොළඹ මහ නගර සභාව පාලනය කරන්න සුදුස්සන් තෝරා ගැනීෙම් ජන්දය පැවැත්වීමට නියමිතව තිඛෙන්නේ ඔක්තෝබර් 8 වෙනිදාය. ප්‍රධාන දේශපාලන පකෂ දෙක ඇතුළුව තවත් පකෂ ස්වාධීන කණ්ඩායම් මේ මැතිවරණයට තර`ග වදිනවා.
2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පකෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔවුන් සහයදුන් කණ්නාඩිකුට්ටමෙන් තර`ග වැදුණු ස්වාධීන කණ්ඩායම නගරසභාවේ බලය ලබාගත්තද මාසකීපයක් ඇතුළත මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වුණා.
ඒ සම`ග ම නගරසභාව තුළ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රී වරුන් 14 දෙනා නගර සභාව පාලනයට එකතු වුණා. අවසානයේ අද වනවිට කොළඹ නගර සභාව ලංකාවේ අංක 1 දූෂිතම නගර සභාව බවට පත්වී අවසන්. එය රාජපකෂ රජයම පත්කළ පරීකෂණ කමිටුව ද තහවුරු කළා. දැන් යලිත් කොළඹ නගර සභා මැතිවරණය කරලියට ඇවිත් තිබේ. යලි දූෂිත පාලනය අවසන් කරන බව කියමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කර ඇත්තේ මිලින්ද මොරගොඩය.
නමුත් ජනතාවට ප්‍රශ්නයක් තිබේ. ඒ රටේ වැදගත්ම පරිපාලන නගරය වන කොළඹ නගරසභාව තුළ ජීවත් වන හත්ලකෂයක් ඉක්මවන ජනතාවගේ අනාගතය තීරණය කිරීමට සන්ධාන පුරපති අපේකෂක මිලින්ද මොරගොඩ සුදුස්සෙක්ද යන්නයි ? නාගරික ජනතාවගේ අනාගතය භාරදෙන්නට පෙර ඔහු ගැන, ඔහු වැඩ කරන්නේ කොහොමද කියන එක තීරණය කරන්න වෙන්නේ අතීතයේ දී කටයුතු කරපු ආකාරය මතයි.
ශ්‍රී ලංකාවේ 6 වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) දෙවන වාර්තාවෙහි මහ බැංකුව ගැන සඳහන් කොටසෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලින්ද මොරගොඩ මහතා පිළිබඳ අසතුටුදායක සොයා ගැනීම් ගණනාවක් සඳහන් කර තිබේ. මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් මහ බැංකුවට රුපියල් බිලියන 4.7 ක් ගෙවීමට ඇති බව එහි වාර්තා වෙයි.
මිලින්ද මොරගොඩගේ වර්තමානය මෙන්ම ඔහුගේ ඉතිහාසයත් ඉතාමත් දූෂිත, වංචනික එකක්. මිලින්දගේ සීයා වන එන්.යූ. ජයවර්ධන රට තුළ බැංකු සහ විවිධ වර්ගයේ සමාගම් පිහිටුවා කෝටි ගණනින් ජනතා මුදල් කොල්ලකා පසුව එම ෙකෂ්ත්‍රය බි`ද දමා එම ජනතාව ආර්ථීක වශයෙන්ද අසරණ තත්ත්වයට පත් කළේය. ඉන්පසු එය ඉදිිරියටත් පවත්වාගෙන ගිය මොරගොඩගේ පියා ක්‍රිස්ටෝපර් වෝල්ටර් පින්ටෝ ඇතුළු පවුලම මූල්‍ය සමාගම පිහිටුවලා රටේ ජනතාවගේ මුදල් එකතු කරලා ඒවා ඔක්කොම හොරා කෑවා. හරියට රාජපකෂ යුගයේ බිහිවුණු සක්විති රණසිංහලා ද`ඩුවම් මුදලාලිලා වගේ. ඒ වගේම ඒ කිසිවෙකුටවත් තවමත් ද`ඩුවම් ලැබිලා නෑ. තම සීයාගේ සහ පියාගේ අඩිපාරේ යමින් මිලින්ද මොරගොඩත් ඒ විදියටම ජනතාවගේ මුදල් කොල්ලකන්න පටන් ගත්තා.
මිලින්ද මොරගොඩගේ හොර වැඩ...
මිලින්ද මොරගොඩගේ හොර වැඩ ආරම්භ වෙන්නේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් දසදහස් ගණනක ජනතාවගේ මුදල් කොල්ලකෑමෙනුයි. ඒ විතරක් නෙවෙයි, මර්කන් ටයිල් ආයතනය මහ බැංකුවට රුපියල් බිලියන 4.7ක පොල්ලකුත් තිබ්බා. මේ වංචනික ක්‍රියාව හේතුවෙන් එදා රු. මිලියන 5071.3 ක් මහ බැංකුවට පාඩුවූ අතර අදවන විට එහි පොලියත් සමග රු. මිලියන 9001ක්.
රාජ්‍ය නොවන සංවිධානයක් වන පාත් ෆයින්ඩර් පිහිටුවා ගනිමින්
ලෝකෙ වටේම සල්ලි එකතු කළා. ඒ ලංකාවේ ජනතාවගේ දුක ලෝකයාට පෙන්නලා. කෝටි ගානක් එකතු කලත් ජනතාවට එයින් කිසි`දු වාසියක් ලැබුනේ නෑ. 2009 දී නෙදර්ලන්ත රජය මෙම සංවිධානයට රුපියල් මිලියන එකසිය හතලිහක මුදලක් ලබාදී තිඛෙනවා. ඒ පිළිබ`දව නෙදර්ලන්ත රජය පවා සහතික කර තිඛෙනවා. නමුත් එම මුදල් වලින් ජනතාවට කිසිවක් ලැබිලා නෑ. ඒ විතරක් නෙවෙයි මෙම සංවිධානයේ අරමුණ හා දර්ශනය වී තිබුණේ සියලුම අංශ පුද්ගලීකරණය කලයුතු බවයි. ඒ කියන්නේ මිලින්ද මොරගොඩගේ එකම ප්‍රතිපත්තිය වී තිඛෙන්නේ රාජ්‍ය අංශ සියල්ල සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කොට විකුණා දැමිය යුතු බවයි. මේ බව එම සංවිධානයේ වෙබ් අඩවියේම ප්‍රසිද්ධියේම කියලා තිබීමෙන් තේරුම් ගන්න පුළුවන්.
මිලින්ද මොරගොඩ ආණ්ඩු දෙකක ඉහල පෙලේ අමාත්‍යධූර කිහිපයක්ම දැරුවත් රටේ ජනතාවට මොනවද කළේ..? මිලින්ද ව්‍යවසාය සංවර්ධන ඇමතිවරයා වශයෙන් ඉද්දි කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් රවටලා, රටේ හො`දම ආදායමක් ලබන ආයතනයක් වෙලා තිබුණු ශ්‍රී ලංකා රකෂණ සංස්ථාව කුණුකොල්ලෙට විකුණලා කුට්ටිපිටින් කොමිස් ගැහුවා. ඒ විතරක් නෙවෙයි බොරු සංඛ්‍යා ලේඛන පෙන්නලා රකෂණ සංස්ථාවේ වත්කම් කොල්ලකෑවෙත් මිලින්දමයි. රකෂණ සංස්ථාව විකුණන්න රජයට උපදෙස් දෙන්න හදිස්සියේ ගොඩ නගපු ආයතනයකට රු. මිලියන 172.8 මුදලක් මිලින්ද විසින් රජයේ මුදලින් ලබාදී තිබුණා. මිලින්දගේ ඇතැම් ආයතන ස`දහා කැබිනට් අනුමැතිය ලැඛෙන විටත් එම ආයතන ආරම්භ කර තිබුනේ නෑ. ඒ කියන්නේ මිලින්ද දැන දැනම රජයට බොරු තොරතුරු ලබාදීලා මුදල් වංචා කරලා තියෙනවා.
සියළු කරුණු සලකා බැලු ශ්‍රේෂ්ඨාධීකරණය අවසානයේදී තීරණය කලේ මිලින්ද පින්ටෝ මොරගොඩ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති බවයි. ඒ අනුව මිලින්ද පින්ටෝ යනු සක්විති වර්ගයේ මූල්‍ය ආයතන පිහිටුවා ගනිමින් සල්ලි හූරං කාලා රාජ්‍ය නොවන සංවිධාන පිහිටවලා හොරකං කරලා ඇමතිකම් අරගෙන රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට තමන්ගේ ගජ මිතුරන්ට විකුණලා කොමිස් ගහපු මහත්තයෙක් බවයි.
මිලින්ද මොරගොඩ විවිධ වෙස් මූහුණු දාගෙන මාධ්‍ය වලින් ඇවිල්ලා 2001 දී එක්සත් ජාතික පකෂයේ නායකයා ගාවට වැඩිම ජන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය මිලින්දගේ වෙස්මූණූ ජනතාව ඉදිරියේ එකින් එක ගැලවෙන කොට ඊළ`ග ජන්දෙදි ජනතාව මිලින්දව පරද්දලා ගෙදර යැව්වා.
මිලින්ද සන්ධාන නගරාධිපති අපේකෂකයා කළේ ඇයි...?
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කුජීත වෙලා දේශපාලනයෙන් ගෙදර ගිය මිලින්ද මොරගොඩව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ නගරාධිපති අපේකෂකයා කරන්න සන්ධාන නායකයෝ තීරණය කලේ ඇයි?
ඒක තේරුම් ගන්න එතරම් අමාරු නෑ මොකද මහින්ද රාජපකෂ අලිබබා වෙච්ච පාර්ලිමේන්තුවේ හොරු රැලත් එක්ක කොළඹ මහනගර සභාවටත් මහ හොරෙක් දා ගත්තොත් තමයි රාජපකෂලාට ඕන විධියට කොළඹ නගරය විකුණගන්න පුළුවන් වෙන්නෙ කියලා රාජපකෂලා හොදින්ම දන්නවා.
මිලින්ද නගරාධිපති කරවලා මහින්ද කොළඹට මොකද්ද කරන්න හදන්නේ...?
කොළඹ වටිනාකමින් වැඩි ඉඩකඩම් ටික කොමිස් අරගෙන විකුණලා දාන්න.
කොළඹ නගරයේ අහිංසක දුප්පත් ජනතාව නගරයෙන් එලවා දාන්න.
දහස් ගණනකගේ ගෙවල් කඩලා උන්හිටි තැන් අහිමි කරන්න.
කොළඹ නගරයේ කැසිනෝ පුරවරයක් කරන්න.
මේ වෙනකොට ආණ්ඩුවේ මේ ජනතා විරෝධී වැඩ ගැන ජනතාව තේරුම් අරන් තියෙනවා. ඒ නිසා ආණ්ඩුව බලන්නේ පින්ටොලා වගේ පින්පාට තියෙන මාධ්‍ය වලින් දේශපානය කරන මිනිස්සුන්ව මේ නගරසභාවේ බලයට පත් කර ගන්න. එතකොට ඔක්කොම කරන්න නම් මහින්දට මිලින්ද හැර වෙන කිසිවෙකුත් ගැලපෙන්නැති බව මහින්දලා දන්නවා. මොකද පුද්ගලීකරණය තමන්ගේ ප්‍රතිපත්තිය කරගත්තු කොමිස් ගහන්න කිසිම ලැජ්ජාවක් නැති එකම සුදුස්සා මිලින්ද පින්ටෝ නිසයි.
ඊට හො`දම උදාහරණය තමයි පින්ටෝ නායකත්වය දෙන රාජ්‍ය නොවන පාත් ෆයින්ඩර් සංවිධානයේ අරමුණයි. මේ පදනමේ එකම අරමුණ, එකම ප්‍රතිපත්තිය වී තිඛෙන්නේ සියලූම අංශ පෞද්ගලීකරණය කළ යුතු බවයි.
අද මිලින්ද මොරගොඩ නගර සභාවේ නගරාධිපති කරන්න පොරකන රාජපකෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරට අතදාගෙන හො`ද කිව්වට ඉස්සර තැන තැන ගිහින් මිලින්දට පලූයන්න බැනපු හැටි ජනතාවට තාම අමතක නෑ.(විස්තර දැමිය යුතුයි.)
මේ පළාත්පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාවට මිලින්ද මොරගොඩ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය ගැඹුරින් විමසලා බලමු. මිලින්ද මොරගොඩගේ පූර්විකාවේ තියෙන්නේ කොළඹ නගර සභාවේ පරිපාලනය ඉතා දරුණු ලෙස අඩාලවී ඇති බවත් එහි ගෞරවය බි`දවැටී ඇති බවත්ය. හො`දයි මිලින්ද මේ කියන කථාව ඇත්තක් තමයි. මේ කියන්නේ මහින්ද රාජපකෂ ඇතුළු සන්ධාන ආණ්ඩුව කොළඹ නගරසභාව දූෂණයෙන් පුරවලා ඒකෙ ගෞරවය කෙලෙසලා.
ඇයි එහෙම කියන්නේ...?
2006 පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරසභාවේ බලය ස්වාධීන කාණ්ඩායමක් විසින් අත්පත් කරගත්තද ඔවුන් මාස කිහිපයක් ඇතුලත සන්ධාන රජය සමග එකතු වුණා. එකතුවෙලා සන්ධානයෙන් නගරසභාවට ගිය මන්ත්‍රීවරුන් 14 දෙනා එකතු කරලා රාජපකෂගේ නගරසභාවක් හැදුවා මේ නගරසභාව වසර කිහිපයක් යන්නට මත්තෙන් අන්ත දූෂිත එකක් බව ජනතාව තේරුම් ගත්තා. ඒ එක්කම නගරසභාවේ දූෂණ සොයන්න අමාත්‍යවරු 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ අතර මොරගොඩත් එම කමිටුවෙ හිටියා. නමුත් මේ කමිටුවට මේ දූෂිතයන්ගෙන් හරියට ප්‍රශ්නකරන්න බෑ කියලා රාජපකෂ මේ කමිටුව ඉවත් කළා. ඒ කියන්නේ මිලින්දට ඒ වගේ පොඩිවැඩක්වත් කරන්න පුළුවන් කමක් නෑ කියන එකයි. කොහොම නමුත් දූෂණ ගොඩකින් බරපතල දූෂණ 9 කට නගරසභාව පාලනය කළ සියළුම මන්ත්‍රීවරුන් වැරදිකරුවන් වුණා. ඒ කියන්නේ පසුගිය වසර 5 ක කාලය තුල කොළඹ මහ නගරසභාව දූෂණය කළේ වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපකෂම බව දැන් බොහොම පැහැදිලියි.
ඒ විතරක් නෙවෙයි එදා බරපතල දූෂණ චොදනා වලට ලක් වුණු මන්ත්‍රීවරුන් 14 දෙනාගෙන් 7 දෙනෙක් යලි මේ සන්ධාන ලැයිස්තුවෙන් කොළඹ නගරසභාවට තර`ග වදිනවා.
එහෙනම් මිලින්ද මොරගොඩ තමන්ගේ පූර්විකාවෙන් කියන කථාව රාජපකෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවම කළ එකක් බව බොහොම පැහැදිලියි. ඇයි අපි එහෙනම් ආපහු සන්ධානෙට ජන්දෙ දීලා කොළඹ නගරසභාවේ බලය ආපසු මිලින්දට දෙන්නේ...?
මිලින්ද මොරගොඩගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පළමුවෙන්ම කියන්නේ පිරිසිදු කාර්යකෂම පරිපාලනයක් අතිකරනවා කියලයි. ඒක කරන්න මිලින්දට නගරාධිපති වෙන්නම ඕනද? මෙච්චර දවසක් සන්ධාන පාලනයකුත් විශේෂ කොමසාරිස්වරයෙකුත් පාලනය කළ නගරසභාවට ඒක කරන්න බැරිවුණේ ඇයි..? හැබැයි ආණ්ඩුව එක දෙයක් කළා ඒ තමයි සියයට 20ක අවශ්‍යතාවයක් වෙනුවෙන් සියයට 80ක ජනතාවක් අවතැන් කරපු එක, ඒ විතරක් නොවෙයි නගර අලංකාරය කරන්න කියලා කොළඹ නගරයේ තැන තැන හිටපු ආබාධිත හි`ගමන් යදින ජනතාවගේ ඔලූවට කොන්ක්‍රීට් කෑලි අත හැරලා මරලා දාපු එක. අනිත් එක කොළඹ නගරය පිරිසිදු කරන්න ඕනනම් ජනතාවට ලෙඩ බෝකරන බ්ලුමැන්ඩල් කුණුකන්ද ඉවත් කරලා දාන එක. ඒ වුනාට ඒක කරන්නෙ නැත්තේ ඒකෙනුත් මේ අණ්ඩුව හම්බකරන නිසයි.
පින්ටෝ කියනවා කොළඹ නගරය ඉතාමත් සුරකෂිත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ වෙනත් ජාවාරම් කරුවන් නැති නගරයක් කරනවා කියලා. නමුත් මිලින්දට අමතක වෙලා කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය ඛෙදාහරින අංක එකේ ජාවාරම් කාරයා සන්ධාන රජයේ අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාගේ එකම පුත්‍රයා බව. ඒවිතරක් නෙවෙයි කොළඹ නගරයේ හිටපු සහ ඉන්න මැරයෝ ගොඩක් දුමින්ද සිල්වාගේ ගෝලයෝ බව මේ රටේ ජනතාව හො`දින්ම දන්නවා. ඒක පොලිස් අත්අඩංගුවට පත්වුණු පාතාල නායකයන්ගේ සාකෂිවලත් සටහන්ව තිඛෙනවා.
මිලින්ද මොරගොඩගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලොකුම බොරුව තමයි නගරසභා පාලනය පිළිබ`දව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන බව, ඒ තුලින් නගර සභාවේ සියලූ ගනුදෙනු ටෙන්ඩර් ඇතුලූ අනෙකුත් මූල්‍යමය කටයුතු පිළිබ`දව ජනතාවට තොරතුරු සපයන්න මිලින්ද මොරගොඩ කටයුතු කරන බව, එහෙනම් මිලින්ද මොරගොඩ කරන්න ඕන තමන් විසින් හොරාකාපු බිලියන ගණනක ජනතා මුදල් සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට ඇත්ත කියන එකයි, නමුත් මිලින්ද එහෙම දෙයක් කරන පාටක් නම් පේන්නවත් නෑ. ඒ කියන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙනුත් කරලා තියෙන්නේ ජනතාව ගොනාට අන්දපු එක විතරයි.
වසර 5ක සන්ධාන නගරසභාව යටතේ කොළඹ නගරසීමාවේ තිබුණු ක්‍රීඩාංගන ගොඩ කරලා ඒවා විදේශ සමාගම් වලට විකුණලා නගරය වටේ තිබුණු ප්‍රජාශාලා කඩලාදාලා ඒ ඉඩම් ටිකත් මහින්දලා විකුණලා ඉවරයි, එහෙම තියෙද්දී මොරගොඩ කියනවා කොළඹ නගරයේ ක්‍රීඩා පහසුකම් ඇති කරන්න කටයුතු කරනවා කියලා.
කොළඹ නගර සභාවේ නගරාධිපතිධූරය මොරගොඩට ලැබුනොත් ඔහු කියනවා ආගමික හා සංස්කෘතිය ආරකෂා වන විධියට කටයුතු කරනවා කියලා ඒ වුනාට මහින්ද රාජපකෂලගේ ආණ්ඩුව ලංකාවේ මුහුද වටේට හෙලූවැලි වෙරළතීර හදන ගමන් කොළඹට කැසිනෝ ගෙනල්ලා තරුණයන්ගේ සල්ලිටික කොල්ලකන්න කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි රාජපකෂ පාලන කාලය තුළ තමයි ආගම් අතර ප්‍රශ්න ඇතිකරලා ඔවුන්ව බේද භින්න කලේ.
මොරගොඩගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් කරුණක් තිඛෙනවා. ඒ තමයි ගොඩනැගිලි ස`දහා අනුමැතිය මාසයක් ඇතුලත ලබාදෙන්න කටයුතු කරනවා කියලා. මොරගොඩ එහෙම කිව්වට ලකෂගණන් අතයට ගනුදෙනු වලට පැය ගණනකින් ප්‍රමිතියකින් තොරවම ගොඩනැගිලි ස`දහා අනුමැතිය ලබාදෙන්න කටයුතු කළේ සන්ධාන පාලනයේ පැවති දූෂිත නගර සභාවමයි.
මිලින්ද මොරගොඩ්ගේ දින සීයක කඩිනම් වැඩසටහන යටතේ විදේශ ආධාර ලබා ගැනීමට විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවට පැහැදිලිව ස`දහන් කර තිබේ. ඔව්, මිලින්දට ජාත්‍යන්තරයේ රටේ ජනතාවගේ දුක විකුණලා සල්ලි හොරාකාළා හො`දට පුරුද්දක් තිඛෙනවා. ඒක මිලින්ද පවත්වගෙන ආපු සෑම රාජ්‍යනොවන සංවිධානයකම ක්‍රියා පටිපාටිය වෙලා තිබුණා. ඒ කියන්නේ කොළඹ නගරයේ ජනතාවගේ දුක විකුණලා මිලින්ද තමන්ගේ ගිණුම තවතවත් තරකර ගන්නවා කියන එකයි.
මිලින්ද මොරගොඩගේ හොරවැඩ ටිකයි කරන්න හදන දූෂණ වංචාටික කියන්න පොත් සීයක් ගැහුවත් බැරිවෙයි. මොකද ඒ තරමට මහත්තයෙක් වගේ ඉ`දගෙන මහත්තයෙක් වගේම හොරකම් කරපු මහත්තයෙක් තමයි මොරගොඩ කියන්නේ එහෙනම් මේ මොරගොඩට කොළඹ නගරයත් එහි ජනතාවත් භාරදුන්නොත් මිලින්ද මොනවා නොකරයිද? ඒ නිසා ජනතාවට දෙපාරක් හිතන්න දෙයක් නෑ.

Post a Comment