ගඩාෆි මරණින් පසු පුතා කරලියට : අල්ලාගත් පුවත් ප්‍රතික්ෂේප කරමින් අරගලය දිගටම ගෙන යන බව කියයි.


l කිෂානි වැලිවිටිගොඩ

තමන් විසින් දිගින් දිගටම මීයන්ට විරුද්ධව සහ ඔවුන්ට උඩ ගෙඩි දෙන නේටෝ සංවිධානයට විරුද්ධව සටන් කරන බව, තමන් අල්ලා ගත් බවට පැතිරී යන ආරංචි මාර්ග තරයේ ප්‍රතික්ෂේප කරමින් ලිබියාවේ හිටපු නායක ගඩාෆිගේ පුත්‍රයා වන සයිෆ් අල් ඉස්ලාම් සිරියානු රූපවාහිනියක් ඔස්සේ ප්‍රකාශ කළේය. විනාඩියක් පමණ වන තම හඬ පටය මඟින් සයිෆ් සඳහන් කරනු ලැබුවේ නේටෝ හමුදාවන්ට සහ විප්ලවීය නාමයෙන් ඉන්න මීයන්ට නරකාදියට පලයව් යැයි කියන්න ඕන. මේක අපේ රට. අපි ජීවත් වෙන්නෙත් මේකේ. මැරෙන්නෙත් මේකේ. ඒ වගේම අපි අපේ අරගලය දිගටම ගෙන යන්න කැමතියි. 


" මනි වැලි ප්‍රදේශයේ සිටින ගෝත්‍රික ජනතාවගෙන් මට පණිවිඩ ලැබෙනවා ඔවුන්ට විප්ලවිය සන්නද්ධ කණ්ඩායම් සහ නොටෝ සංවිධානයට අයත් අයවලුන් තර්ජනය කරමින් සිටිනවා," යයි සයිෆ් සඳහන් කළේය. 

Tell a Friend