පානදුර උපාද්‍යයේ ප්‍රින්සිපල් බලු වැඩක් කරයි


හර්ෂි සි. පෙරේරා

මොහොමඩ් දිල්හාන් සිනර් වයස අවුරුදු 14 ක් වන පානදුර උපාද්‍ය විදුහලේ 9 වසරේ ඉගෙනුම ලබන පුතෙකි. 2011.10.17 දින ප්‍රින්සිපල් සිනර්ගේ පන්තිය ඉදිරියට පැමිණ මෙහෙ එනවා මෙහෙ එනවා යනුවෙන් වේවැල දික් කරමින් කියා ඇත. ඉන්පසුව ඔහු යන්නට ගොස් ඇත. පසු බටි ප්‍රින්සිපල් ගිය තැන ළමුන් නොදත් නිසා ඔවුන් පන්තිය ඉස්සරහා සිටින ලදී.

එවිට ප්‍රින්සිපල් පැමිණ එන්න කිවුවහම එන්න බැරිද අසමින් සිනර්ගේ අතින් අල්ලා කරකවා ඉවක් බවක් නැතිව වේවැලෙන් පහරදී ඇත. එම වේවැල් පහරවල් සිනර්ගේ වම් අතට, පිටුපසට සහ දකුණු අතේ ඇගිලි වලට වැදි තිබේ.

උපාද්‍ය ප්‍රින්සිපල් අනිත් ළමුන්ටත් ගසා ඇත. පසුව ඩෙංගු මර්දනයට බලන්න එනවා කියා ඩෙස් පුටු අස් කරන ලෙස කියා අවට තණකොළ ගලවන්න කියා ළමුන්ට කියා ඇත.

ඉන්පසුව සිනර් ඇතුළු ළමුන් අත් සෝදා ගෙන ගාතා කියා ගෙවල් වලට ගොස් ඇත.

සිනර්ගේ තාත්තා මුණ මැලවිලා තියෙන්නේ ඇයිද කියා ඇසු විට සිනර් සිද්දිය කියා ඇත. සිනර් තම තුවාලද තාත්තට පෙන්වා තිබේ. එවිට සිනර් ව පානදුර රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී 01 වාට්ටුවේ නතර කරගෙන ඇත. එහිදී රෝහල් පොලිසිය විස්තර ලබා ගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරී පරික්ෂා කර තිබේ.

සිනර්ගේ වම් උරහිසේ වේදනාව තවමත් පවතින අතර ඒ ඇත ඉස්සීමට නොහැකි බව කියයි.

සිනර්ගේ පියා උපාද්‍ය ප්‍රින්සිපල් ගේ මේ බලු වැඩේ පිලිබදව 2011.10. 18 දින මානව හිමිකම් කොමිසම, පළාත් අද්යාපන කාර්යාලය, කොලබ, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සහ ළමා ආරක්ෂක අදිකාරිය වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.


Tell a Friend