ඉන්දීය හෙලිකොප්ටර් යානයක් යළිත් පකිස්තාන් ගුවන් සීමාව ආක්‍රමණය කරයි - සිව් දෙනෙක් අත්අඩංගුවට

| කිෂානි වැලිවිටිගොඩ

තම ගුවන් සීමාව ආක්‍රමණය කරමින් ඉන්දීය හෙලිකොප්ටර් යානාවක් පකිස්ථාන දේශසීමාවට පැමිණි නිසා එහි සිටි ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පකිස්ථාන් හමුදා ප්‍රක්ෂකයා වන මේජර් ජනරාල් ආතර් අබ්බාස් ප්‍රකාශ කළේය. අද පස්වරු 1.00 ට පමණ ඉන්දීය පාලන කාශ්මීර් දේශසීමාව ආසන්නයේ පිහිටි ස්කර්දු ප්‍රදේශයට පැමිණි බවත් ඉන් පසු තම හමුදාව ගොඩ බැස්සීමට අණ කළ හෙයින් එය ගොඩ බැස්ස වූ බවත් ඉන් පසු එහි සිටි සිව් දෙනාම තම අත්අඩංගුවට පත් වූ බවත් හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ වාර්තා වලට අනුව එම හෙලිකොප්ටර් යානාව කිලෝමීටර් 25 ක් පමණ රට අභ්‍යන්තරයට පැමිණි බව සඳහන් කළේය.

2008 මුම්බායි ප්‍රහාරයෙන් පසු 2008 දෙසැම්බර් මාසයේදී ඉන්දියානු ප්‍රහාරක යානා දෙකක් පකිස්ථාන ගුවන් සීමාවට ස්ථාන දෙකකින් පැමිණි පසු සිදු වූ ප්‍රථම සිදු වීම වන්නේ මෙයයි. පකිස්ථානය සහ ඉන්දියාව 1947 බ්‍රිතානයෙන් නිදහස ලැබීමෙන් පසු දෙපාර්ශවය අතර ප්‍රධාන යුද්ධ තුනක් ඇති වී ඇත. ( ගැෆික් සටහන අල් ජසීරා නාලිකාවෙනි )


Tell a Friend