ප්‍රභූ වෙඩි නොවදින රථ වල කාන්තාවන් ප්‍රවාහනය කෙරේ

| අමිල ගුණරත්න

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා තමන්ට ලබා දී ඇති ප්‍රභූ වෙඩි නොවදින රථ වල කාන්තාවන් ප්‍රවාහනය කරන බව ඇමති ආරක්ෂක අංශය (එම් එස් ඩී ) පවසයි. හිටපු අගමැතිවරයාට ප‍්‍රභූ ආරක්‍ෂක සේවයේ නිලධාරීන් 110 දෙනෙකු සහ වෙඩි නොවදින වාහන දෙකක් ලබා දී තිබෙන අතර එම වාහන වල මෙම කාන්තාවෝ බොහෝ විට ගමන් කරන බවත් මේ අතර එක්තරා ප්‍රකට ජනප්‍රිය නිළියක්ද සිටින බව වාර්තා වේ. ප්‍රභූ ආරක්ෂාවට අමතරව එම් එස් ඩී අංශයට දැන් ගෑනු සැපයීමද කිරීමටද සිදුවී ඇති බව එම් එස් ඩී අංශයේ නිලධාරීන් කලකිරීමෙන් යුතුව පවසති. මෙවැනි හේතු නිසා කිසිදු ජිවිත තර්ජනයක් නැති එසේම එලොවටත් මෙලොවටත් කිසිම ප්‍රයෝජනවත් වැඩක් නොකරන යටිගිරිස්තුමාට ලබා දී ඇති ආරක්‍ෂාව වහාම අඩු කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.



Tell a Friend