ලාන්සාගේ නිවස සෝදිසි කිරීමට ආරක්ෂක ලේකම්ට අණ ඇත්තේත් ජනාධිපති

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

නිමල් ලාන්සා ගේ නිවස පොලිස් විශේෂ කාර්යය බලකාය පරික්ෂා කිරීම ගැන නිමල් ලාන්සාගේ නිවසට ගොස් තේ පානය කරමින් කණගාටුව ප්‍රකාශ කරනු ලැබුවද ඒ සඳහා නියෝග නිකුත් කර ඇත්තේද ජනාධිපතිවරයා බව වාර්තා වේ.

පසුගියදා මීගමුව පුරපති පත් කිරීමේ අර්බුධයේ මීගමුව සංවිධායක නියොජ්‍ය ඇමති සරත් ගුණරත්න තමාගේ බලතල සීමා කර මීගමුව නගරය තමාට හිතූ හිතූ පරි පාලනය කරන ලාන්සා පවුල ගැන දැඩි දෝෂ දර්ශනයෙන් කථා කර ඇති අතර මෙහි දී ජනාධිපති වරයා ප්‍රකාශ කර ඇත්තතේ

"සරත් ඔයා පරණම ශ්‍රී ලංකා කාරයෙක්. ඔයා එදා ඉදලා පක්ෂෙ වෙනුවෙන් ජීවිතය ගැන පවා නොහිතා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්න කෙනෙක්.. මාව දිනවන්න
ඔයා කරපු දේවල් මට අමතක නැහැ.... ලාන්සා කියන්නෙ අලුතෙන් ආව කෙනෙක් .. යූ ඇන් පී කාරයෙක්... එකපාරටම මිනිහව කපන්න බැහැ... ඔයා බයවෙන්න එපා මම ඔයාට සාධාරණයක් කරනවා," යනුවෙනි.

පසුගියදා සිදු වූ භාරත ඝාතනයත් සමඟ අත් අඩංගුවට පත් වූ පාතාල සාමා‚කයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කරන ලද අවස්ථාවේදී දිවයින පුරා කුඩු ගෙන්වන හා පාතාල මැරකම් කරන හා ඒවා මෙහෙයවන දේශපාලකයින් ගණනාවකගේ තොරතුරු හෙළිවී ඇති අතර එම හෝඩුවාවක් ඔස්සේ ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ අවසරයක් මත නිමල් ලාන්සා ඇමතිවරයා හා ඔහු සමඟ එක්ව කුඩු බෙදා හරිමින් මීගමුව පාතාලයේ කටයුතු කරන කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් සමඟ මෙම වැටලීම කළ බවත් අවාසනාවකට පොලීසිය තුළින්ම මෙම වැටලීම ගැන විස්තර ලාන්සා ඇතුලු කණ්ඩායමට ගොස් ඇති බවත් පොලීසියේ ඉහළ නිළධාරියෙක් අප හා ප්‍රකාශ කළහ.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කරන ලද්දේ පොලිස් විශේෂ කාර්යය බලකායේ 200 කට ආසන්න පිරිසක් රැගෙන ගොස් මෙවැනි විශාල සෝදිසි මෙහෙයුමක් කිරීමට ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම් වරයා නොදැන, ඔවුන්ගේ අවසර රහිතව කළ නොහැක්කක් බවයි. තවත් දේශපාලකයින් ගණනාවක් පසු පස මේ වන විටත් රහස් පොලීසිය ඉව අල්ලමින් සිටින බවද හේ ප්‍රකාශ කළේය.

Tell a Friend