"එක බන්දනාගාරයක් නෙමෙයි වදකාගාරයක්."



හර්ෂි සි. පෙරේරා

හෙනේගොඩ විතනිච්චිගේ ගාමිණී 41 හැවිරිදි වැවිලිකරුවෙකි. දරු තිදෙනෙකුගේ පියෙකි. ගාල්ලේ උඩුගම පදිංචිකරුවෙකි.

මේ සිද්දිය වුයේ 2011.06.16 දිනය. උඩුගම පොලිසියේ පොලිස්කාරයින් ඔහුගේ නිවසට පැමිණ ඔහුට සිහිසුන් වන තෙක් පහර දුන්හ. එම පොලිස් කාරයින්ගෙන් ගමිනිට වැඩියෙන්ම පහර දුන්නේ විජේනායක නමැති පොලිස්කාරයාය.


මේ පහරදීම නිසා ගමිනිට උඩුගම හා කරාපිටිය රෝහලේ නේවාසිකව නතර වී ප්‍රතිකාර ගැනීමට සිදු විය. උඩුගම පොලිසිය ඔහුට විරුද්දව බොරු නඩුවක් දැමීම නිසා ඔහුට රක්ෂිත බන්දනාගාර ගත වීමට සිදුවිණි.

ඔහු සිටියේ ගාල්ල බන්දනාගාරයේ එච් වට්ටුවේය. ගාමිණී කියන ආකාරයට එයට කිවයුත්තේ බන්දනාගාරය කියා නොව වදකාගාරය කියයි.

"අපිට ඉස්කෝලෙදි කියල දුන්න මනුෂ්‍යයින්ට තිබිය අයිතිවාසිකම් කිසිවක් මෙහි නැති බව තේරුම් ගියා. නාන්න දෙන්නේ වතුර බාල්දි 08 ක් හෝ 10 කි. නිලදාරීන් සිරකරුවන්ට පොලු වලින් පහර දෙනවා. ටීවී එකේ පෙන්නන ලස්සන ඇතුලට ගියාම නැහැ. නිතිවිරෝදියි කියන මත්ද්රවිය හැම එකම එහි තියෙනවා. කොහොම ඇතුලට එනවද කියලා දන්නේ නැහැ. සෙනග ගොඩක් ඉන්නවා. දෙන කෑම කන්න බැහැ. රිමාන්ඩ් අය ගෙන් වැඩ ගන්නවා. සිරකරුවන්ට මනුශ්ශයින් විදියට සලකන්නේ නැහැ."

බන්දනාගාරයෙන් පැමිණීමෙන් පසුවද ගාමිණී ට බෙහෙත් ගැනීමට සිදුවිය. නමුත් ඔහුට වදහිංසා පැමිණවූ බොරු නඩු දැමු උඩුගම පොලිසියේ පොලිස්කාරයින්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වී නැත. ගාමිණී සියල්ල විග්‍රහ කරන්නේ රටේ පවතින කැලේ නීතියේ ප්‍රතිපලයක් ලෙසයි.












Tell a Friend