බදුරලිය පොලිසියේ අංක 60954 දරන බොරු නඩුවෙන් අවු;- 08 කට පසු ජයතිලක නිදොස් කොට නිදහස්.


ර්ෂි සි. පෙරේරා

පතිරගේ දොන් ජයතිලක රැකියාව ගොවිතැන කරගත් 56 හැවිරිදි අවිවාහකයෙක්. ඔහු හින්දකරාමුල්ල, මොල්කාවේ පදිංචිකරුවෙක්.


පි ඩී සුනිල් ඔහුගේ සොහොයුරා වන අතර හෙතෙම අසනීපයෙන් පසුවන අතර මත් පැන් පානය කරන්නෙකි. බදුරලිය පොලිසිය ඔහුගේ සොහොයුරා වෙනුවට ජයතිලකව අත්අඩංගුවට ගන්නේ ඔහු අසනීප නිසා. ඒ සෑම අවස්ථාවකම නඩු වලින් වන හිරිහැරය වලක්වාගැනීමට වරද පිළිගෙන දඩ ගෙවා ඇත. බදුරලිය පොලිසියේ මෙම නීතිවිරෝදී ක්‍රියාව එනම් ප්‍රාණ ඇපකරුවන් තබා ගැනීම නිසා ජයතිලක දහ වතාවකට වඩා දඩ ගෙවා ඇත.

2003.10.21 දින බදුරලිය පොලිසිය ජයතිලකව අත්අඩංගුවට ගත්තා. එයට බදුරලිය පොලිසියේ ලීලාරත්න ඇතුළු නිලදාරීන් තිදෙනෙක් සම්බන්ද වුණා. බදුරලිය පොලිසියේදී මේ ලීලාරත්න නම් නිලදාරිය ඔහුගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයකට අත්සන් ගැනීමට උත්සහ කරා. පොලිසිය සිදු කරන තවත් නීතිවිරෝදී ක්‍රියාවක්නම් ප්‍රකාශ අදාල පුද්ගලයාට කියවා තේරුම් කර නොදී බලහත්කාරයෙන් අත්සන් ගැනීමයි.

ජයතිලකට පවරා තිබු වියාජ චෝදනාව කසිප්පු ඩ්‍රම් 08 ක් ලග තබා ගැනීම. ඔහු වැරැද්ද පිළිගෙන එයට අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කළා. පස්සේ ලීලාරත්න නමැති පොලිස් නිලදාරියා ඔහුගේ ඔළුවට යකඩ පොල්ලකින් ඇන බඩට පයින් ගසා බැණ තර්ජනය කර ඇත. පොලිස් වදහිංසා , බොරු නඩු දැමීම ශ්‍රී ලංකාවේ නිතිය අනුව බරපතල අපරාද වේ.

2003.10.22 ජයතිලකව මතුගම මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කරා. මෙම බොරු නඩු දැමීමේ හිරිහැරයෙන් මිදීමට ඔහුට එල්ල වූ චෝදනාවන්ට ජයතිලක නිවැරදි කරු බව ප්‍රකාශ කළා. ඇපය රුපියල් 5000 යි. නමුත් මේ මුදල් ඇපය තබා ජයතිලකව බේරා ගැනීමට කෙනෙක් සිටියේ නැහැ. ප්‍රතිපලය 2003.10.28 දක්වා රක්ෂිත බන්දනාගාර ගත වීමට සිදුවීම. එදින සිය සොහොයුරිය කන ක‍ර උගසට තබා ජයතිලකව නිදහස් ක‍ර ගත්තා. එම නඩුවේ අංකය 60954 වේ.

මෙම නීති විරෝදී අත්අඩංගුවට ගැනීම, වදහිංසාව සහ බොරු නඩු දැමීම ගැන ජයතිලක 2003.10.31 දින මානව හිමිකම් කොමිසම් සබාවට, ජාතික පොලිස් කොමිසමට, ජෙෂ්ට පොලිස් අදිකාරී - කළුතර, සහකාර පොලිස් අදිකාරී - මතුගම වෙත පැමිණිලි කරා. නමුත් මේ වනතෙක් ඒවාට ලැබුණු පිළිතුරක් නැහැ.

පොලිසියේ නොපැමිණීම නිසා නඩුව අවුරුදු දෙකක් පමණ කල් ගියා. රස පරීක්ෂකගේ පමාව අවුරුදු දෙකක් පමණ වුණා.

2011.08.19 වසර 08 ක නඩු පමාවෙන් පසුව නඩුවේ තීන්දුව ලැබුණා. කවුද මේ නඩු පමාවට වග කිවයුත්තේ? මෙයට විසදුම විනිසුරන් සහ උසාවි වැඩි කිරීමද?

ජයතිලකට එරෙහි බොරු නඩුව පැමිණිල්ල විසින් සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කරනු නොලැබීමේ හේතුව මත ඔහුව අදිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ජයතිලකට සදාරණය සහ යුක්තිය අවශ්‍යයි. ඔහු මේ පිළිබද නැවත වරක් 2011.10.12 වන දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, පොලිස් කොමිසමට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ මතුගම සහකාර පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කළා.



Tell a Friend