ගඩාෆි ඩොලර් බිලියන 200$ මංකොල්ල කාලා.

| කිෂානි වැලිවිටිගොඩ

පසුගියදා ඝාතනයට ලක්වුණ ලිබියානු නායක කර්නල් මෝහමර් ගඩාෆි තම රටේ මුදල් වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් ලිබියාවෙන් රහස්‍ය ආකාරයෙන් ඉවත් කොට තම පුද්ගලික මුදල් ලෙස ලොව වටා ඇති බැංකු සහ ආයෝජන ආයතන වල තැන්පත් කර ඇති බව ලිබියානු ආණ්ඩුව මාධ්‍යට ප්‍රකාශ කොට ඇත. අදාළ මුදල ලිබියානුවන් අතර බෙදී ගියේ නම් එක අයකුට හිමි වන මුදල ඇමෙරිකානු ඩොලර් 30,000 කි. එසේම මෙය බටහිර ආණ්ඩු විසින් අනුමාන කල මුදල් ප්‍රමාණයට වඩා දෙගුණයකි.

ආදාළ මුදල වෙනත් බැංකු වල ගඩාෆි විසින් සඟවා ඇති බව නිවැරදි බව ඔප්පු වුවහොත් එය මෙතෙක් ලෝක ඉතිහාසයේ නායකයකු විසින් කල හොරකම ලෙස සැලකිය හැකි බව අදාළ වාර්තා පෙන්වා දෙයි. මීට පෙර සයරය නායකයා වී සිටි මොබුටු සේ සේ සේකෝ සහ පිලිපීනයේ නායකයා වී සිටි ෆෙර්දිනන් මාර්කෝස් සිදු කල හොරකම් වලට වඩා වැඩි වනු ඇත. ලිබියානු ආණ්ඩුවේ වාර්තා වලට අනුව මිලියන 6.5 ක් වන එරට ජනගහනයෙන් 3 න් 1 ක් ම දිළිඳු බවෙන් පෙළෙති.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ බලපෑම නිසා ගඩාෆි මරා දැමු ආකාරය පිළිබඳව නීතිමය කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය බැවින් ඔහු විසින් සොරකම් කරනු ලැබූ මුදල් ආපසු ලබා ගැනීමේදී එය බාධකයක් වී පවතී.

Tell a Friend