ජනතා උද්ඝෝෂණ නිසා මොරාලෙස් ව්‍යාපෘතිය නවත්වයි

| කිෂානි වැලිවිටිගොඩ

මාස දෙකක් පුරා බොලිවියාවේ ලා පාස් අගනුවර පැවැත් වූ ජනතා විරෝධතා කරන කොට ගනිමින් තමන් විසින් ඉදිකිරීමට ගිය අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අවලංගු කළ බව එරට ජනාධිපති ඉවෝ මොරාලෙස් අද මාධ්‍ය වේදීන් සමඟ ප්‍රකාශ කළේය. අදාළ ව්‍යාපෘතිය ස්වදේශීය ජනතාවගේ පාරම්පරික ස්වභාවික ඉඩම් ඔස්සේ ඉදිකිරීමට ආණ්ඩුව මුලදී තීරණය කළ බවත් ඊට තම ආණ්ඩුවද අනුමැතිය ලබා දුන් බවත් හෙතම සඳහන් කළේය. නමුත් එම ප්‍රදේශ වල පදිංචි ජනයා අගනුවරට පැමිණ අදාළ ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණ සිදු කළහ. එම නිසා ජනතාවට ඇහුන්කන් දෙන නායකයෙක් ලෙස අදාළ ව්‍යාපෘතිය ස්වදේශීය ජනතාවගේ ඉඩම් වලට කිසිඳු හානියක් නොකර සිදු කිරීමට හැකි දැයි තමන් ඉදිරියේදී කල්පනා කරන බව හෙතම වැඩි දුරටත් ප්‍රකාශ කළේය. අදාළ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මඟින් පැසිෆික් වෙරල තීරුව ඔස්සේ බ්‍රසීලය යා කිරීමට සැලසුම් කළ එකකි. 


Tell a Friend