කිෂානි වැලිවිටිගොඩ
ඉරාකයේ ෂියා මුස්ලිම් නායක මොක්ටාඩා අල් සදර් තම අනුගාමිකයන්ට ඇමෙරිකානු හමුදාවට එරෙහි ප්‍රහාර වහාම නවත්වන්නයි නියෝග කොට ඇත. එම තීරණය මේ වසරේ අවසානය වන විට සියලුම ඇමෙරිකානු සොල්දාදුවන් ඉරාකයෙන් ඉවත් කිරීමට ඇමෙරිකානු ආණ්ඩුව ප්‍රකාශ කිරීමට ගරු කිරීමක් ලෙස සැලකේ.
නමුත් අගමැති නූරි අල් මලිකි ගේ දේශපාලන මිත්‍රයෙකු ලෙස සැලකෙන මොක්ටාඩා අල් සදර් අදාළ නියෝගය ප්‍රකාශ කරමින් කියා සිටියේ එක්සත් ජනපද හමුදාව නියමිත වෙලාවට ඉරාකයෙන් පිටව නොගියහොත් දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වන බවයි.
ඉරාකයට සැබෑ නිදහසක් ලබා ගත හැක්කේ ඇමෙරිකානු බලඇණි එරටින් පිටව ගියොත් පමණක් බව මොක්ටාඩා අල් සදර් වැඩි දුරටත් සඳහන් කළේය.
ඉරාකයේ ඇමෙරිකානු හැමදා ඛණ්ඩයේ ප්‍රකාශකයා වන මේජර් ජෙනරාල් ජෙෆ්රී බුච්මාන්ට අනුව අමෙර්කානු භටයින්ට එරෙහි ප්‍රහාර එල්ල කරන ෂියා මුස්ලිම් කණ්ඩායම් තුනක සිටින අතර ඉන් 2008 නොවැම්බර් මාසයේදී අල් සදර් විසින් පිහිටවන ලද ප්‍රොමිස් ඩේ බ්‍රිගේඩ් නමැති කණ්ඩායම ඉන් ප්‍රධාන එකකි.
Post a Comment