කිෂානි වැලිවිටිගොඩ
2001 සැප්තැම්බර් වසර ප්‍රහාරයෙන් පසු දස වසරක උදා වීම සැමරීම අද නිව් යෝර්ක් නුවරදී මීට සුළු වෙලාවකට ප්‍රථම ආරම්භ විය. ඒ සඳහා එරට නායකයින් ඇතුළු ව්ශාල පිරිසක් සහභාගී වීමට නියමිත අතර එහිදී ප්‍රහාරයේදී මියගිය දහස් ගණනක් වූ අය සැමරීම සිදු කෙරුණු ඇත.
ජනාධිපති බැරක් ඔබාමා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ පිහිටි ස්මාරකය පිහිටි ස්ථානයේ පැවැත්වෙන අදාළ උළෙලට පැමිණීමට නියමිතය. ඉන් පසු ඔහු වොෂින්ටන් නුවර පැවැත්වෙන සමරු උළෙල සඳහාද සහභාගී වනු ඇත. සැප්තැම්බර් 11 ප්‍රහාරය සඳහා ගුවන් යාන හතරක් භාවිත කල අතර ඉන් දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දෙකක් ඉලක්ක කරගත්තේය. අනෙක් ගුවන් යානය පෙනටගනයේ ඉලක්කය වූ අතර තවත් එකක් පෙනිසල්වේනිය හී පිහිටි කුඩා නගරයක් වන සන්ක්විලා හී දී ගැටීමට ලක් කරනු ලැබීය.
ප්‍රහාරය සිද්ධ වන සමයේදී ජනාධිපති ධූරය හෙබවවූ ජෝර්ජ් ඩබ්. බුෂ් ජනාධිපති ඔබාමා සමඟ නිව්යෝර්ක් හීදී පැවැත්වෙන සමරු උළෙල සඳහා සහභාගී වීමට නියමිත අතර එය අදාල ගොඩනැගිල්ලට පළමු ගුවන යානය පහර දුන් වේලාව වන පෙරේවරු 8.40 ට ආරම්භ වීමට නියමිතය.එසේම අදාල උළෙලේදී ප්‍රහාරයෙන් මියගිය 3000 කට අධික පිරිසකගේ නම් කියවනු ඇති.
මීට පෙර අන්තර්ජාලය ඔස්සේ තම අදහස් පල කල ජනාධිපති ඔබාමා , එක්සත් ජනපදය පෙරට වඩා ශක්තිමත්ව සිටින බවත් ඊට වෙහෙස නොබලා කටයුතු කල ඇමෙරිකානු ආරක්ෂක අංශ, ඔත්තු සේවා, ව්‍යවස්ථාදායකය සේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ කැපවීමට ගරුකරන බව සඳහන් කළේය. එකී කැපවීම හේතුවෙන් වර්තමානයේදී එක්සත් ජනපදය ශක්තිමත් බවත් අල් කයිඩා සංවිධානය දුර්වල වෙමින් පවතින බවත් හෙතම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post a Comment