ලිබියාවේ අලුත් ලොක්කා අගනගරයට පැමිණේ




කිෂානි වැලිවිටිගොඩ

ලිබියාවේ ජාතික අන්තර්වාර කවුන්සලයේ ප්‍රධානියා වන මුස්තාෆා අබ්දෙල් ජලීල් ලිබියාවේ අගනගරය වන ට්‍රිපොලි නුවරට අද (සැප් 11) පැමිණි අතර ඒ අනුව මාස ගණනාවක තිස්සේ බෙන්ගාසි නුවර සිට ක්‍රියාත්මක වූ සෙවනැලි ආණ්ඩුව ප්‍රධාන අගනගරයට මාරු කෙරෙනු ඇත.

මේ අතර ගඩාෆිගේ ආධාර කරුවනට ලබා දී තිබු පොදු සමා කාලය නිමා වීමත් සමගම තවමත් ගඩාෆිගේ පාලනය යටතේ පවතින ප්‍රදේශ තුනක එනම් ට්‍රිපොලි ආසන්නයේ පිහිටි බානි වලිඩ්, මධ්‍යධරණී වෙරළ තීරයට මායිම් වන සර්ටේ සහ සහරා කාන්තාරයේ කොටසක් අයත් වන සභා යන ප්‍රදේශ වල දරුණු සටන් ඇවිලී යමින් පවතී. 

Tell a Friend