ශවේන්ද්‍රට ලෙඩක් වැටෙයි.


එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකාවේදී සිවිල් නඩුවක් පවරා ඇත. ආරංචි වන ආකාරයට ඔහු පදිංචි ලිපිනයට මේ වන විට සිතාසිද යවා ඇත.


සුවාදින කණ්ඩායමක් විසින් මේ නඩුව පවරා ඇත්තේ වත්සලා දෙවි සහ සෙතරම් සිවම් යන අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට ශ්‍රී ලංකාවේදී වදහිංසා පැමිණවීම යන චෝදනාව පරිදිය.

වදහිංසාව අපරාදයක් ලෙස මුළු ලෝකයම පිළිගනී. එයට මුක්තියක් නැත. ඇමෙරිකානු නිතිය යටතේ ශවේන්ද්‍ර සිල්වාට නඩු පවරා ඇත. අමෙරිකාවෙන් පිටතදී කරන අකටයුත්තක් සම්බන්දයෙන් ඇමෙරිකානු පුරවැසියකුට නඩු පැවරීමේ අයිතිය ඇමෙරිකානු නීතියෙන් හිමිකර දී ඇත. ශවේන්ද්‍ර සිල්වාට හිමි රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය වූකලී විත්තිය විසින් ඔප්පු කල යුත්තක් බව නඩු පැවරු පාර්ශවයේ අදහසයි.

පැමිණිලිකරුවන් තම පවුලේ උදවිය මරා දැමීම නිසා දැඩි මානසික කම්පනයකට මෙන්ම ආර්ථික හානියකටද මුහුණ දෙන ලදී. මියගිය අයගේ අඩුව මුදලින් පිරවිය නොහැකි නමුත් මේ නඩුවේදී වන්දි ලෙස ඩොලර් මිලියන ගණනක් ඉල්ලීමට තීරණය කර ඇත.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend