ජපානයේ මුදල් ඇමති අගමැති ධුරයට

කිෂානි වැලිවිටිගොඩ 

ජපානයේ පැවති මැතිවරණයෙන් එරට මුදල් ඇමති යෝශිහිකෝ නොඩා පාලක පක්ෂයේ නායකයා ලෙස තේරී පත් වී ඇති අතර තවත් වසර 5 කින් ඔහු එරට අගමැති ධුරයට පත් වනු ඇත.

වෙළඳ ඇමති වන බෑන්රි කයිඩා මනාප 177 ක් ලබා ගත් අතර නොඩා මනාප 215 ක් ලබා ඔහුව පරාජය කරමින් ඉදිරියෙන් සිටි අතර ඉන් පසුව අපේක්ෂකයින් 5 දෙනාගෙන් කිසිවෙක් ප්‍රථම වටයේ බහුතර කැමැත්ත දිනා ගැනීමට අපොහොසත් විය. කයිඩා ප්‍රථම වටයේ මනාප අතර ඉහලින් සිටියත් බහුතර මනාප සංඛ්‍යාව වන මනාප 200 ලබා ගැනීමට නොහැකි විය. පාර්ලිමේන්තුවේදී පාලක පක්ෂයේ වැඩිම බලයේ පවතින බැවින් 54 හැවිරිදි නොඩා ඊළඟට අගමැති ධුරයට පත් වීම නිසැකය.

පාර්ලිමේන්තු සාමාජිකයින් 398 දෙනෙකු තරඟ අපේක්ෂකයින් 5 දෙනාට තම මනාප ලබා දුන් අතර හිටපු විදේශ ඇමති සේඉජි මහේරා , කෘෂිකර්ම ඇමති මිචිකෝ කානෝ සහ ප්‍රවාහන ඇමති සුමියෝ මබුචි අනෙක් තරග අපේක්ෂකයින් තිදෙනා විය.

Tell a Friend