"මේගොල්ලෝ ඒගොල්ලන්ගේ "ඇජන්ඩාස්" අපට ගලපනවා" - ජනපති

සමහරක් රටවල්, ජාත්‍යන්තර සංවිදාන, මානව හිමිකම්, යුද අපරාද, අර්ථකථනය කරන කණ්ඩායම් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වල ඇති වන ගැටුම් වලදී කරන්නේ ඒගොල්ලන්ගේ ඇජන්ඩාස් අපට ගලපන එක බවට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ චෝදනා නගයි.

අද උදැසන කොලබ පැවති සංවර්දනය සහ සහයෝගිතාවය පිළිබද රොටරි දකුණු අසියානු සම්මන්ත්‍රණයට සහබාගි වෙමින් ජනපති මේ බව කියා සිටියේය. ඔහු ඉස්මතු කර දැක්වුයේ ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලෝකයාට ත්‍රස්තවාදය පරාජය කල හැකි බවත් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල හැකි බවත් ඔප්පු කර පෙන්නු බවයි.

හර්ෂි සි. පෙරේරා

Tell a Friend