පහරදීමෙන් අනතුරුව පොලිසියම බුද්දිකව කරාපිටිය රෝහලට රැගෙන ගියා. එහිදී ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරියා පරික්ෂා කරා. ඔහු වෛද්‍යවරයාට කිවුවා තමන්ට පොලිසිය පහර දුන්න බව. වෛද්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නා බුද්දිකව රෝහලේ නතර කරන්න. නමුත් පොලිසිය ඒ දේ කලේ නැහැ.
හර්ෂි සි. පෙරේරා
2011.09.04 දින 25 හැවිරිදි අවිවාහකයකු වන බුද්දිකව වදුරබ පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ පොලිස්කාරයින් සිවිල් ඇදුමින් සිටිය අතර ඔහුව පොලිසියට රැගෙන ගියේ ත්‍රිරෝද රථයක දමා ගෙන. අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතුව බුද්දික විමසු නමුත් පොලිස්කාරයින් ඒ දේ කිවේ නැත. එදින හවස මහේස්ත්රත්ගේ බංගලාවට ගෙන ගිය බුද්දිකව 2011.09.09 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කළා. පොලිසිය කියූ ආකාරයට චෝදනාව කුණුහරුප ගී ගැයීම. 09 වැනිදා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත බුද්දික නිදහස් වුනා.
වදුරබ පොලිසිය දිගින් දිගටම ඇයි බුද්දීකට හිරිහැර කරමින් ඔහුව පිඩාවට පත් කරන්නේ?
2010.09.24 දින බුද්දික වදුරබ පොලිසියට ගියේ යාලුවෙකුට ඇප දෙන්න. පොලිසියේදී බුද්දික පොලිස් නිලදාරීන් කුණුහරුප කීම ගැන පැමිණිලි කරන්න උත්සහ කරා. ප්‍රතිපලය වුනේ ඔ අයි සි බුද්දීකට දිගට හරහට පහරදීම. වැඩියෙන්ම ප්‍රහාරය එල්ල වුනේ බුද්දිකගේ ඔළුවට සහ කන් වලට.
පහරදීමෙන් අනතුරුව පොලිසියම බුද්දිකව කරාපිටිය රෝහලට රැගෙන ගියා. එහිදී ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරියා පරික්ෂා කරා. ඔහු වෛද්‍යවරයාට කිවුවා තමන්ට පොලිසිය පහර දුන්න බව. වෛද්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නා බුද්දිකව රෝහලේ නතර කරන්න. නමුත් පොලිසිය ඒ දේ කලේ නැහැ.
පොලිස් ස්ථානයේදී ස්ථානාදිපති බුද්දීකට කතා කරා.
ස්ථානාදිපති ;- " උබ කොච්චර දුරට ඉගෙන ගත්තද? "
බුද්දික ;-" ඒ ලෙවල් වෙනකම්."
ස්ථානාදිපති;- "මොනවාද කලේ?"
බුද්දික ;" බයෝ"
එවිට ස්ථානාදිපති අසල සිටි සාජන්වරයකුට මෙසේ කිවුවා.
ස්ථානාදිපති;-" බලන්න සාජන් මම ගහලා තියෙන්නේ බයෝ සයන්ස් කරපු කොල්ලෙකුටනේ මම හිතුවා දෙකේ පන්තියේ එකෙක් කියා "
පස්සේ ප්‍රශ්නේ දුරදිග ගෙනියන්න එපා කියා බුද්දිකව ගෙදර යැවුවා. ඔහුගේ කනේ වේදනාව වැඩිවූ නිසා 2010.09.25 දින කරාපිටිය රෝහලට ඇතුලත්ව ඇත. එහිදී වෙනත් අදිකරණ වයිද්‍ය නිලදාරියකු බුද්දිකව පරික්ෂා කළා. 28 වැනිදා බුද්දිකගේ ටිකට් කැපුවා.
2010.10.02 වැනිදා බුද්දික මල්ලි කියාගෙන ඔහුට වදහිංසා කල ස්ථානදිපතිවරයා බුද්දිකගේ ගෙදර ඇවිත් වැඩේ සමත කර ගන්න බැගෑපත් වුනා. නමුත් මේ නීතිවිරෝදී වදහිංසාව සමතයකින් අවසන් කිරීමට බුද්දික එකග වුනේ නැහැ.
බුද්දික 2010.10.18 දින මානව හිමිකම් කොමිසමට කල පැමිණිල්ල අනුව ඔහුව එහි කැදවා 2010.11.01 දින ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
2010.10.13 දින ගාල්ල සහකාර පොලිස් අදිකාරිවරයාද ඔහුව කැදවා කටඋත්තරයක් ගත්තා.
මේ අතර 2011.05.11 දින නැවතවරක් බුද්දිකව වදුරබ පොලිසියම අත්අඩංගුවට ගෙන මුදා හැරියා. මෙලෙස නිකරුනේ අත්අඩංගුවට ගැනීම පිළිබද පැමිණිල්ල විබාගයට ගැනීම ගාල්ල සහකාර පොලිස් අදිකරිවරයා දිගින් දිගටම පැහැර හරිනවා.
2011.09.13 වන දින බුද්දික වදුරබ පොලිස් වදහිංසාව, බොරු නඩු දැමීම, සහ දිගින් දිගටම වදුරබ පොලිසිය ඔහුට කරන හිරිහැර ගැන පොලිස්පතිට, ජාතික පොලිස් කොමිසන් සබාවට,ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට සහ ජෙෂ්ට පොලිස් අදිකාරිවරයට ලිකිතව පැමිණිලි කරන ලදී.
Post a Comment