කොළඹ ජේ ආර් ජයවර්ධන සංස්කෘතික කේන්ද්‍රයේදී පසුගිය බදාදා (07)* පැවැත්වූ ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලේ ප‍්‍රධාන දෙසුම පැවැත්වීමට ආරාධනා ලැබූ දර්ශණ මේදිස් මහතා එම සම්මාන ප‍්‍රදානෝත්සවය පාලක රාජ්‍ය තන්ත‍්‍රයේ නිල සහභාගිත්වය සහිතව සිදු කෙරෙන බව හදිසියේ දැනගැනීම නිසා ප‍්‍රධාන දෙසුම පැවැත්වීම වර්ජනය කළ බව පවසයි.
පාලකයන්ට ගෝනි නැතිව කඬේ යන ‘කලා-කරු’ සිටින මෙවන් කලෙක මේදිස් මහතාගේ ආදර්ශමත් ක‍්‍රියාව සම්බන්ධයෙන් ඔහු මෙසේ පවසයි. 2011 ගොඩගේ සාහිත්‍ය දේශනය සඳහා ලද ඇරයුම මා සතුටින් භාර ගත්තේ එය රාජ්‍ය සාහිත්‍ය උළෙලට විකල්පව පැවැත්වෙන්නකි යන පදනම මත ය. කලා දඩයමක, අදහස් ප‍්‍රකාශනයට විලංගු දැමීමක, සහ පොදුවේ ප‍්‍රජාතන්ත‍්‍ර අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිතය සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් මට නැත. එහෙයින්, මේ අවස්ථාවට සහභාගි නොවීමට මම තීන්දු කලෙමි. දේශනය අපේක්ශාවෙන් පැමිනි සහෘද ශ‍්‍රාවකයන් වෙත බලවත් කනගාටුව ප‍්‍රකාශ කර සිටිමි.’
තව ද, පැවැත්වීමට සූදානම්ව සිටි දෙසුමෙහි මාතෘකාව ”‘තොල්ස්තෝයි: පුනර්-කතිකාවක්’ යන්න යි. ඔබ දන්නා පරිදි, ලියෝ තොල්ස්තෝයි වූ කලී ප‍්‍රජා පීඩක පාලනයේ ප‍්‍රමුඛ විරුද්ධවාදියෙකි. සංස්ථාපිතය පෙරටුකොටගෙන ඔහු පිලිබඳ සාකච්ඡුාවකට එළඹීම තරම් එම ශ්‍රේෂ්ඨ ලේඛකයාට කල හැකි තවත් නිගරුවක් තිබේ ද?
‘මගේ වර්ජනයට හේතුව මෙය යි. තීන්දුවක් ගැනීම ඔබේ අයිතිය යි.’ දර්ශන මේදිස් මහතා වැඩිදුරටත් කියා සිටී.
ස්තුතියි ලංකා ඉ නිවුස්
හර්ෂි සි. පෙරේරා

Post a Comment