ශ්‍රී ලංකාවේ නැගෙනහිර එනම් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පුර් ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරීමට නියමිතය. මෙගාවොට් 500 ක දරිතාවකින් යුතු මෙම ගල් අගුරු බලාගාරය ඉදිකිරිම පිළිබද ගිවිසුමට අගහරුවාදා කොලබදී අත්සන් කෙරිණි. මෙය පරිසර ආරක්ෂණය සම්බන්දයෙන් ඉතාම අනතුරුදායක බව පැවසේ.
එයින් වාර්ෂිකව නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 3700000 වේ. මෙය ගෝලීය උෂ්ණත්වය වැඩි කිරීමට ප්‍රදාන වනු ඇත. නිපදවෙන සල්ෆ ඩයොක්සයිඩ් අම්ල වැසි වලට හේතු වෙයි. ඊට අමතරව පෙනහළු ආශ්‍රිත රෝගාබාද ඇතුළු රෝග ගණනාවකට හේතු විය හැක.

Post a Comment