අමිල ගුණරත්න
අමාත්‍ය මර්වින් සිල්වා පිළිබඳව ලිවිම අපට එක්තරා ආකාරයක මානසික වදයකි. විපරිත සහ ජරාජීර්ණව ඇති ශ්‍රී ලාංකික දේශපාලන මඩගොහොරුවේ තවත් එක විකෘතියක් වන මර්වින් ගම්පහ මෝල් චන්දදායකයන්ගේ සහ මර්වින් කරන සෑම කුපාඩි වැඩක්ම වීරත්වයෙන් වාර්තා කරන පිගන් ලෙවකන මාධ්‍යවේදියන්ගේ සරණින් පුහු වීරත්වයට පත් වූ මානසික රෝගියෙකි. අවිහිංසාව යනු හිංසනයෙන් ක්‍රියාත්මක කල යුතු දෙයක් යැයි සිතන මෙම මානසික රෝගී ජනතා නියෝජිතයා කැලණියේ වරාගොඩ ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමිකවිදුහලේ පැවැති උත්සවයකදී ළමුන් අමතා මෙසේ පවසන ලදී.
‘මගේ ඇස් ඉදිරිපිට සතුන් මැරුවොත් මරන්න ආ මිනිහාගේ අත කපනවා. පස්ගෝ රසය දෙන ගවයා මරාගෙන කෑම හරිද? ගම්පහ දිසාවේ හරකුන් මැරීමත් නවත්වනවා. ගෙදරට මස් ගේන්න එපා යැයි දරුවන් මවුපියනට අදම කියන්න. මින් මතු අහිංසක සතුන් මරන උදවියගේ අත් තමන් විසින් කපා දමනබව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණියේ වරාගොඩ ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමිකවිදුහලේ පැවැති උත්සවයක් අමතා අවධාරණයකළේය.
අවිහිංසාව ගැන කතා කරන මේ පුද්ගලයාගේ හිංසන ක්‍රියාවක් පුවත්පතක් විසින් වාර්තා කලේ මෙලෙසටය.
අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ ගෝල බාලයින් විසින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක තාප්පයක් නැවත ඉදිකරමින් සිටි අසිත ලියනගේ නැමැති නිවැසියෙකුට පහරදී නිවසේ තිබූ ගෘහ භාණ්ඩවලටද අලාභ හානි සිදුකර ඇත. කැළණිය ප්‍රදේශයේ තමාගේ අනු දැනුම නොමැතිව කිසිවක් සිදුකළ නොහැකි බවත් තාප්පයක් අවශ්‍ය නම් කැළණිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ අවසරය මත එය සිදුකරන ලෙසත් ඇමතිවරයා එහිදී තර්ජනය කර තිබේ.
අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ පුත් මාලක සිල්වා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලය දිනකට රුපියල් මිලියන ගණනක අදායමක් ඔහුට ලබා දෙන අතර මේ සම්බන්දයෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද වීකිලික්ස් රහස් වාර්තාවක් එක්තරා වෙබ් අඩවියක් විසින් පල කොට තිබේ. (බලන්න http://colombotelegraph.com/2011/09/26/wikileaks-mervin-silava-is-a-drug-kingpin-patron-chief/ )
අවිහිංසාව ගැන කතා කරන්නේ හක්කේ හෙරොයින් එක්ස්ටසි සඟවාගෙනය.

Post a Comment