කොළඹ කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයේ ප්‍රධාන සැකකාරිය වන රොස්මෙරී පුවී පෙරේරා නොහොත් ජිනා මැඩම් කිසිදු රෝගයක් නොමැතිව වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටියදී බන්ධනාගාර උසස් නිලධාරියකුට හසු වී ඇත. වැලිකඩ කාන්තා අංශය බාර නිළධාරිනියගේ කාරුණික අනුග්‍රහයෙන් ‘ජිනා මැඩම්’ වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ වෙනමම සුපිරි වාට්ටුවක් සකස් කොට ඇයට විශේෂ පහසුකම් සලසා තිබුණි. ජිනා මැඩම් ගේ අනුග්‍රහයකයන් අතර ප්‍රබල දේශපාලකයන් මෙන්ම පොලිසියේ උසස් නිලධාරීන්ද සිටින බවට වාර්තා වේ. 2007 ඔක්තොබර් 24 වැනිදා කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල තුළදී ගම්බද තරුණියක් ගණිකාවක් බවට පත්කිරීමට කුට්ටනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් ඇයට නඩු පවරා තිබේ.
අමිල ගුණරත්න

Post a Comment