චීන හමුදාව ඉන්දියාවට අනවසරෙන් ඇතුළු වෙයි

කිෂානි වැලිවිටිගොඩ

ඉන්දියාවේ ලේහේ පළාතට කිලෝ මීටර 300ක් ඈතින් වූ චුමර් ප්‍රදේශයට චීන හමුදාව බලෙන් ඇතුළු වී එහි තිබූ පැරණි ඉන්දීයාව අයිතිව තිබූ හමුදා බංකර් සහා කූඩාරම් රැසක් විනාශ කළ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.ඇතැම් වාර්තා වල සඳහන් වන පරිදි චීන හමුදාව දේශ සීමාවෙන් කිලෝමීටර් එකහාමාරක් ඇතුලට හෙලිකොප්ටර් දෙකකින් පැමිණ ඇත. තවත් වාර්තා වල සඳහන් වන්නේ චීන හමුදාව පයින් දේශ සීමාව තරණය කොට අදාළ පැරණි බංකර් සමූහය විනාශ කළ බවයි.

අදාළ සිදුවීම පිළිබඳව ඉන්දීය රජය මේ වන තෙක් කිසිවක් සඳහන් කොට නැත.

Tell a Friend