පාලිත කියන ආකාරයට ඔහුට විරුද්දව වරෙන්තුවක් ඇති බවට මෙතෙක් සිතාසියක් ලැබී නැත. ඔහු වෙනුවට සිය බිරිදව සහ දරුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිතිවිරෝදිය. මක්නිසාද පොලිසියට ප්‍රාණ ඇපකරුවන් තබා ගත නොහැකි බැවිනි.
හර්ෂි සි. පෙරේරා
2011.09.10 දින අලුයම 3.30 ට පමණ වාද්දුව පොලිසියේ බිලාන් නමැති පොලිස්කාරයා සහ තවත් පොලිස්කාරයකු පාලිතගේ නිවසට පැමිණියහ. ඔවුන් පාලිත නිවසේ නොසිටිය බැවින් ඔහුගේ බිරිද කැලුම් කුමාරිව සහ අවුරුදු 02 ක් වයසැති දියණියව අත්අඩංගුවට ගෙන වාද්දුව පොලිසියට රැගෙන යන ලදී. මේ අවස්ථාවේ පොලිස් කාන්තාවක් සිටියේ නැත.
වාද්දුව පොලිසියේදී කැලුම් කුමාරිට තර්ජනය කල පොලිස්කාරයින් ඇගෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇත. එම පොලිස්කාරයින් තර්ජනය කර ඇත්තේ " දැන් මොකද කියන්නේ 12 ට කලින් ගෙනාවේ නැනේ, මහත්තයා ගංජා ගහනවා නේද? කුඩු ගහනවා නේද? බෝම්බයක් දාලා යවනවා අවුරුදු තුන හතරකට , ළමයත් එක්ක ඔයාට දුක්විදින්න වෙයි. ඊට ඉස්සෙල්ලා ගෙනත් දෙන්න " යනුවෙනි.
එදින සවස 6 ට පමණ කැලුම් කුමාරිව සහ දරුවාව නිදහස් කර ඇත්තේ සිය සැමියා වන පලිතව පොලිසියට බාර කරන පොරොන්දුව පිටය.
පාලිත කියන ආකාරයට ඔහුට විරුද්දව වරෙන්තුවක් ඇති බවට මෙතෙක් සිතාසියක් ලැබී නැත. ඔහු වෙනුවට සිය බිරිදව සහ දරුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිතිවිරෝදිය. මක්නිසාද පොලිසියට ප්‍රාණ ඇපකරුවන් තබා ගත නොහැකි බැවිනි.
2011.09.10 දින කැලුම් කුමාරි ෆැක්ස් පණිවිඩ යකින්ද 2011.09.13 දින පාලිත සහ කැලුම් කුමාරි වෙන් වෙන්වද අදාල බලදාරීන්ට එනම් පොලිස්පති, කළුතර නියෝජ්ජය පොලිස්පතිට සහ මානව හිමිකම් කොමිසන් සබාවට ලිකිතව පැමිණිලි කරන ලදී.

Post a Comment