වාර්තා වන අන්දමට සිද්දිය මෙසේය . රිදිමාලියද්ද වැව ඇතුළේ " අනවසරයෙන් " වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගෙන කැරැලි මර්දන පොලිසිය සමග ගොස් ගොවීන් පිරිසක් එම බිම්වලින් ඉවත් කළහ. වගා ද වනසා දැමූ බව ගොවියෝ කියති. බඩ ඉරිඟු, කොමඩු, වට්ටක්කා, ආදිය වගා කරන ගොවි පවුල් 70ක් පමණ මෙහි සිටින බව කියති. දින දහයක කාලයක් අස්වනු නෙලීමට තිබියදී අදාළ ආණ්ඩුවේ වීරයෝ ලෙස පෙනී සිටින තක්කඩි රැල ගොස් පවුල් 70වකගේ කුසගිනි නිවා ගැනීමට තිබුණ එකම නිෂ්පාදනය විනාශ කොට ඇත.
වැව ඇතුලේ වගා කිරීම අනවසර දෙයක් බව පෙනී ඇත්තේ අදාළ අසරණ ගොවීන් තම වීරියෙක් වගා කළ දෑ වල අස්වනු නෙලීමට දින 10 ක් තිබියදීය. එය විනාශ කිරීමෙන් පසු අදාළ පවුල් 70 වේම තත්වය තේරුම් ගැනීම අපහසු නැත. ඔවුහු හඬා වැලපුනේ මීළඟ සති කිහිපය තුළ තමන්ට කෑමට කිසිවක් නැති හෙයිනි. ආධාර නොලැබුණ හොත් ඔවුන්ට හාමතේ සිටීමට සිදු වනු ඇත. පොලිස් නිල ඇඳුම ඇඳ ගත් සුනඛයින් රැල සිදු කොට ඇති කටයුත්තේ අවසන් ප්‍රතිපලය වන්නේ එයයි.
අපි වවමු , රට නගමු කියා මීට කලකට පෙර රටේ රජතුමාද වෙලට බැස්සේය. ඉන් පසු මාරාන්තික උපවාසකාර ඇමති වීරවන්සද, ඔහු අනුව යමින් හෙළ උරුමයේ අයෙක්ද ගස් ගෙම්බන් සේ මඩේ පිනුම් ගැසූහ. ඉන් සති කිහිපයකට පසු මිලියන 3.5 ක් තම පුත්‍රයාගේ මඟුලේ ආරාධනා පත්‍ර සැකසීම සඳහා පමණක් වියදම් කළ අම්බුළුවාවේ යකා ලෙස හැඳින්වෙන ගරු අගමැති තුමාද වෙලට බැස්සේය. මොවුන් හැම එකෙකුම ගොවි තැන ගැන ගුණ ගී ගයා දේශපාලන වාසි ගත්හ. නමුත් අද මීට ස්වල්ප වෙලාවකට පෙර ලංකාවේම රිදීමාලියද්දේ රටේ ජනතාවගේම බදු මුදලින් සැප විඳින කාලකන්නි සුන්ක රැලක් සිය ගණනකගේ කුසට පහර දුන්නේය.
ඕනෑම දෙයක් විනාශ කිරීම සඳහා එතරම් කාලයක් ගත වන්නේ නැත. නමුත් එය හැදීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය. ගොඩ වූ වැවක වැවීම වූ කලි තමන්ගේ දුප්පත් කමට වෙන දෙයක් කර කියා ගත නොහැකිව කළ කටයුත්තකි. එය "අපරාධයක්" වුවද විසඳිය හැකි මාර්ගයක් තිබේ. නමුත් ලංකාවේ නිතීය වූ කලි දෙකේ දෙකේ පොලුය. එහි ප්‍රතිපලය ලෙස මීට විනාඩි කිහිපයකින් ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ හයියද ඇතිව පොලිස් සුනකයින් සහ ඊට අනුබල දුන තවත් අමනයින් රැලක් ලොකු හපන් කමක් සිදු කොට ඇත. මෙහි ප්‍රතිපල මේ වන විට හඬා වැලපෙන ජනතාවගෙන් තේරුම් ගත හැකිය. වෙන කිසිවක් අපට කියන්නට නැත, ඇත්තේ අදාළ ජනතාවගේ බඩගින්න නිවා ඔවුන්ට සාධාරණයක් මෙන්ම අදාළ වගා විනාශ කළ යට නිසි දඬුවම් ලබා දෙන ලෙස පමණි.
වේදිකාව උඩ නටන අමනයින්ගේ රැස් වලින් මත් වී නටන උනමන්තකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. ගැටලුව මෙකි තිරිසනුන්ට වේදිකා තනන්නෙත්, ඔවුන්ට රිසි සේ නැටීමට ඉඩ දෙන්නෙත් අද රිදිමාලියද්දේ තමන්ගේ කුසගින්න ඉවසාගත නොහැකිව සහ මාස ගණනක් තිස්සේ දාඩිය මහන්සියෙන් වැවූ බව භෝග විනාස කළ තිරිසනුනන් නිසා වන්දි ගෙවන අහිංසක ජනතාවමය. රජාගේ ආසියානු ආශ්චර්ය රෙද්ද පල්ලෙන්න් බේරෙන විට හමන දුර්ගන්දය මෙයයි. ඉදිරියේදී තව තව සෙල්ලම් නැරඹිය හැකිය.
සේයාරුව උපුටා ගැනීම : ලංකාදීප

Post a Comment