"මනුස්සයෝ නේද? අමනුස්සයෝ නෙමෙයිනේ? මාංචු පිටින් කෑම කන්න!" - රත්තොට පොලිසිය.


හර්ෂි සි. පෙරේරා

පහරදී ඇත්තේ අතින් පයිනි. ඔහුගේ දකුණු අත උරහිසට උඩින් පිට මැදට ගෙන අනිත් අත පිටුපසින් උරහිස මැදට වන සේ තබා මාංචු දැමීම නිසා දැඩි වේදනාවක් ඇතිවූවා මෙන්ම අත් ද තුවාල විය.

2011 මැයි මස මාතලේ අළු විහාරයහි පිහිටි ලක්මාලි හුනුපොරනුවේ සේවය කරමින් සිටියදී රත්තොට පොලිසිය චිත්රවෙලුව අත්අඩංගුවට ගෙන ඇත.

චිත්රවෙලු 46 හැවිරිදි විවාහක දරුවන් සතර දෙනෙකුගේ පියෙකි. කුලී වැඩ කර ජිවත් වෙයි.

ඔහුව රත්තොට පොලිස් ස්ථානයට ගෙන යාමෙන් පසු එහි උඩ තට්ටුවට ගෙන ගොස් කම්පියුටරයක් ගැන අසමින් පොලිස්කාරයකු කනට සහ පිටට පාරවල් දෙකක් ගසා ඇත. පසුව ඔහුට සිය පොඩි පුතාව පොලිසියට ගෙන එන්නයි කියා මුදා හැර ඇත. ඔහු සිය පුතා කැටුව ගියවිට පොලිසියේ කිසිවෙක් කතා නොකළ බැවින් නැවත ගෙදර පැමිණ ඇත.

නැවත චිත්රවෙලුව 2011.08.02 දින අත්අඩංගුවට ගෙන තිබේ. එදා ද කොම්පියුටරයක් ගැන අසමිනි. මේ අවස්ථාවේ චිත්රවෙලු සමග ලොගේශ්වරම්වද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාටම මාංචු දමා සුදු පාට වැන් රියකින් පැමිණි පොලිස්කාරයින් රත්තොට පොලිසියට ගෙනයනු ලැබිණි.

පොලිසියේදී ඔවුන් දෙදෙනාටම පහර දී කුඩුවට දමා ඇත. ඉන්පසුව ඔවුන්ට කෑම කන්නට දී මාංචු පිටින්ම කන්නයි කියා ඇත. එවිට ඒ අසලට පැමිණි පොලිස් කාන්තාවක් මනුස්සයයෝ නේද අමනුස්සයයෝ නෙමෙයිනේ මාංචු පිටින් කෑම කන්නේ කොහොමද කියා බැණ වැදුන විට මාංචු ගලවා කෑම කා ඉවරවුණු විට නැවත මාංචු දමන ලදී.

පසුව රාත්‍රියේ චිත්රවෙලුව පමණක් අපරාද අංශයට ගෙන ගොස් මුණසිංහ නමැති පොලිස්කාරයා අතින් පයින් පහරදී ඇත. ඔහුට සිටගැනිමටටවත් නොහැකිව සිටියදී තවත් පොලිස්කාරයකු උඩ පනින්නයි විදාන කරන ලදී. ඔහු උඩ පැන අමාරු නිසා වාඩිවූ විට එම පොලිස්කාරයා කකුල් වලින් චිත්රවෙලුගේ කකුල් යටට ගසා ඇත. තවද සපත්තු දැමු කකුල් වලින් ඔහුගේ හිසට සහ පිටට පහර දී ඇත.

ඉන්පසුව සිද්දවු දේ චිත්රවෙලු නොදන්නා අතර ඔහු සිහිය එන විට සිට ඇත්තේ පොලිස් කුඩුවේය. නැවතත් චිත්රවෙලුව 2011.08.03 දින අදික ලෙස මත්පැන් බි පැමිණි මුණසිංහ නමැති පොලිස්කාරයා අපරාද අංශයට රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඇත. මෙම පහරදීමට තවත් පොලිස්කාරයින් හවුල් වී ඇත. පහරදී ඇත්තේ අතින් පයිනි. ඔහුගේ දකුණු අත උරහිසට උඩින් පිට මැදට ගෙන අනිත් අත පිටුපසින් උරහිස මැදට වන සේ තබා මාංචු දැමීම නිසා දැඩි වේදනාවක් ඇතිවූවා මෙන්ම අත් ද තුවාල විය.

මෙසේ පහර දෙමින් පොලිස්කාරයින් කියා ඇත්තේ චිත්රවෙලුගේ පුතා, තාත්තා කම්පියුටරය ගත්ත බව කියූ බවයි. ඉන්පසුව ඔහුව අන්තිමට වැඩ කල ලක්මාලි එකට අරගෙන ගොස් එය පවත්වාගෙන යන රන්ගවද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්කාරයින් රංගට කිවේ ඔහු කම්පියුටරය ගත් බව චිත්රවෙලු කිවූ බවයි. එය රංග චිත්රවෙලුගෙන් අසු විට ඔහු නැහැයි කියා ඇත.

2011.08.04 දින රන්ගව සහ චිත්රවෙලුව මාතලේ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර චිත්රවෙලුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. චිත්රවෙලු පොලිසිය තමන්ට පහරදුන් බව අදිකරණයේදී කියූ නිසා ඔහුට වයිද්‍ය ප්‍රතිකාර නියම කරන ලදී. බන්දනාගාර රෝහලින් ඔහුව මාතලේ රජයේ රෝහලට ඇතුළු කර ඇත. 2011.08.09 දින අදිකරණ වයිද්‍ය නිලදරිවරයා පරික්ෂා කර ඇත. 2011.08.18 දින ඔහුට ඇප ලැබිණි.

ඔහු දැනටත් කනේ අමාරුවට වයිද්‍ය ප්‍රතිකාර ගනී. චිත්රවෙලු රත්තොට පොලිසියේ මුණසිංහ ඇතුළු පොලිස්කාරයින් තමන්ට අමානුෂික ලෙස වදහිංසා පමුණුවා දින තුනක් රදවාගෙන වියාජ චෝදනා මත අදිකරණයට ඉදිරිපත් කර සිදු කල ශාරීරික සහ මානසික පිඩාව නිසා තම මුලික අයිතිවාසිකම් කඩවූ බව කියා සිටි.





Tell a Friend