රාජ්ජය සේවයට සුබ මංගලම් !

රජයේ කාර්යාලයක සේවකයෙකුගේ මංගල උත්සවයක් පවත්වද්දී සහෝදර සේවක සේවිකාවන්ගේ සහභාගිත්වය අවශ්‍යය.එයට නිවාඩු දමා හෝ සහභාගීවීමේ වරදක් නැත .ඒත් එයට සහභාගී වන්නට කියා උදෑසන 9.30 සිට සවස 3.20 තෙක් කාර්යාලයේ සියලූම සේවකයින් කාර්යාල කටයුතු අතහැර මංගල උත්සවයට ගොස් තිබුනොත් ඇතිවන තත්වය කුමක්ද?

වැඩක් කරගන්නට දුර බැහැර සිට කොළඹ පිහිටි රජයේ කාර්යාලයට පැමිණෙන ජනතාවට ආපසු හැරී යන්නට සිදුවන්නේ සේවකයාගේ මංගල උත්සවය නිසා නම් එය කෙතරම් සාධාරණද?

මේ සිදුවීම වාර්තා වන්නේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි ීරස ඛ්බන් ක්‍දමබජසක දෙර ්ටරසජමකඑමරු රජය ඡුදකසජහ නම් කාර්යාලයකිනි.

දිනය පසුගිය අගෝස්තු 10 වැනි බදාදාය. කාර්යාලයේ සේවකයකුගේ මංගල උත්සවයකට සහභාගී වීම සදහා කාර්යාල සේවකයින් සියලූම දෙනා උදේ 9.30 ට කාර්යාලයෙන් පිටව ගිය බව දහවල් එහි ගිය අයට දැනගන්නට ලැබිණ.

නැවත සවස ඔවුන් එ
නතුරු රැඳී සිටි අයට තමන්ගේ කටයුත්ත කරගන්නට හැකිව තිබෙන්නේ සවස තුනහමාරත් පසුවීය. ඔවුන් සියල්ල ආපසු පැමිණ ඇත්තේ සවස 3.20 පමණය.

පුද්ගලික කටයුත්තක් ඉටු කරගැනීම සදහා එම ස්ථානයට තුන් වතාවක් ගිය මහතෙකු එම කටයුත්ත ඉටු කර ගැනීමට නොහැකි වූ විට සවස 2ට පමණ හිස්වූ කාර්යාලයේ ඡුායාරූප කිහිපයක් ලබාගෙන තිබේ. මේ සමග පළවන්නේ ඒවාය.

ඔහු දක්වන ආකාරයට එම අවස්ථාවේ හිස් කාර්යාලයේ ආරක්‍ෂක නිලධාරින් ද සුව නින්දකට වැටී මහදවල් ගොරවමින් සිටි බව කියැවේ.

හර්ෂි සි. පෙරේරා

Tell a Friend