රුසියානු අගමැති නැවතත් ක්‍රෙම්ලින් වෙත පැමිණෙයිද

කිෂානි වැලිවිටිගොඩ

ජනාධිපති දිමිත්‍රි මෙදිදෙව් විසින් ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තම නාම යෝජනා කිරීම රුසියානු අගමැති ව්ලදිමීර් පුටින් විසින් පිළිගෙන තිබේ.

"මට මෙය මහත් ගෞරවයක්. ඊළඟ ජනාධිපතිවරණයට මාව යෝජනා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මට ස්තුති කරන්න ඕනේ" ඊයේ (24) පක්ෂ සාමාජිකයින් අමතමින් ව්ලදිමීර් පුටින් ප්‍රකාශ කර සිටියේය.

AP Photo
ජනාධිපති දිමිත්‍රි මෙදිදෙව් ව්ලදිමීර් පුටින්ගේ නම ඊළඟ ජනාධිපතිවරණයට යෝජනා කිරීමෙන් පසුව මොස්කව් නුවර පැවති සම්මේලනයේදී රුසියානු පාලක පක්ෂය වෙත කාගේත් අවධානය යොමු වී තිබේ. "මම හිතන්නේ නියෝජිත සභාව සහයෝගය දැක්විය යුතුයි පක්ෂ සභාතිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා " මෙදිදෙව් ප්‍රකාශ කර සිටි බවට රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. එසේම ඔහු දෙසැම්බර් 4 වෙනිදාට පැවැත්වීමට සැලසුම් කර ඇති පාර්ලිමේන්තු මැතිවරණයේ රුසියානු පාලක පක්ෂයේ අපේක්ෂකයින්ගේ ලේඛනයේ නායකත්වය ගනු ඇති බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර පුටින් විසින් අගමැති ධුරයට දිමිත්‍රි මෙදිදෙව් ගේ නම යෝජනා කර තිබේ.

Tell a Friend