ඇෆ්ගනිස්තානය : ඇමෙරිකාවට එරෙහි ප්‍රහාරයට පාකිස්තානයේ සාහය

කිෂානි වැලිවිටිගොඩ

පසුගිය සතියේදී ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට පාකිස්තානු ඔත්තු සේවය සෘජුව ආදාළ ප්‍රහාරය එල්ල කල හාකානි කණ්ඩායමට සහයෝගය දැක්වූ බවට එක්සත් ජනපදයේ ජෙෂ්ට හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කළේය. අද්මිරාල් මයික් මුලන් වොෂින්ටන් නුවරදී සෙනෙට් සභාව හමුවේ කියා සිටියේ හාකානි ජාලය වූ කලි පාකිස්තානයේ ඔත්තු සේවය වන අයි. එස් . අයි . හි දකුණු අත බවයි.

පැය 20 ක් පුරා පවතී අදාළ ප්‍රහාරයේදී 25 දෙනෙකු මිය ගියහ. කෙසේ වෙතත් පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍ය රහමාන් මලික් එක්සත් ජනපදයේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

පසුගිය මැයි මාසයේ පාකිස්තානයේදී ඇමෙරිකානු හමුදාව විසින් අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ඇමෙරිකානු පාකිස්තාන සම්බන්ධතා පිරිහෙමින් පවතී.

Tell a Friend