"හිලරි ජනාධිපති වුනා නම් තත්වය වෙනස්"

ක්සත් ජනපදයේ හිටපු ජනාධ්පති ඩික් චෙනි ඇමෙරිකාවේ ෆොක්ස් නාලිකාව සමග සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් , ජනාධිපති බැරක් ඔබාමා වෙනුවට අදාළ තනතුරට හිලරි ක්ලින්ටන් පත් වූයේ නම් ඇමෙරිකාවේ වත්මන් තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වන බව සඳහන් කළේය.

මේ වන විට ඇමෙරිකාවේ ඔබාමා පරිපාලනයෙන් වඩාත් කාර්යක්ෂම චරිතය රාජ්‍ය ලේඛම් ක්ලින්ටන් පමණක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. 2008 පැවති මැතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වූ ඇය පරාජය වූ අතර ඉන්පසුව ජනාධිපති ඔබාමා ඇය රාජ්‍ය ලේඛම්වරිය බවට පත් කළේය.

කිෂානි වැලිවිටිගොඩ

Tell a Friend