ඇමෙරිකානු සි.අයි.ඒ සහ බ්‍රිතාන්‍ය එම්. අයි. 6 ගඩාෆිගේ මිතුරන්

කිෂානි වැලිවිටිගොඩ

ක්සත් ජනපදයේ ඔත්තු සේවාව වන සි.අයි.ඒ සංවිධානය සහ බ්‍රිතානයේ ප්‍රධාන ඔත්තු සේවාව වලින් එකක් වන එම් අයි 6 ලිබියාවේ ගඩාෆි ආණ්ඩුවේ විදේශ ඇමති වරයා මෙන්ම බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මෝසා කෝසා අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබු අතර එහි අරමුණ ලිබියානු ආණ්ඩුවේ විපක්ෂ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.

ට්‍රිපොලි නුවර පිහිටි ගඩාෆිගේ මුලස්ථානයෙන් හමු වූ ලිපි ලේඛන වලට අනුව ත්‍රස්තවාදී ලේබලය අලවා සි අයි ඒ සංවිධානයට භාර දුන් විශාල පිරිසක් ගැන තොරතුරු හෙළි වී තිබේ .

මේ අතර ලිබියාවේ නව අන්තර්වාර ආණ්ඩුවේ හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කරන අබ්දෙල් හකීම් ඊයේ මාධ්‍යට ප්‍රකාශ කලේ සිඅයිඒ සංවිධානය විසින් තායිලන්තයේ බැංකොක් නුවරදී  තමන්ව අත්අඩංගුවට ගෙන පහර දීමෙන් පසු ලිබියානු ආණ්ඩුවට භාර දුන් බවයි.

මේ අතර ලන්ඩනයේ සිට පලවන සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කරනුයේ ගඩාෆිගේ පුත්‍රයන් දෙදෙනෙකුට එරට විශේෂ ගුවන් සේවා ඒකකයේ අවි පුහුණුව ලබා ගැනීම සඳහා අගමැති ටෝනි බ්ලේයාර්ගේ ආණ්ඩුව විසින් ආරාධනා කළ බවයි.

රහස් ලිපි ගොනු උපුටා දක්වමින් ආදාළ පුවත්පත වැඩි දුරටත් වාර්තා කරනුයේ ගඩාෆිගේ පුත්‍රයන් වන කාමිස් සහ සාදි ගඩාෆි යන දෙදෙනාට 2006 වසරේදී ලිබියාව සම්බන්ධයෙන් බ්ලෙයාර්ගේ ආරක්ෂක සම්බන්ධිකාරක ලෙස කටයුතු කල රොබින් සිබි විසින් එස් ඒ එස් සහ එස් බි එස් පුහුණුව ලැබීමට ආරාධනා කල බවයි.

කෙසේ වෙතත් සි අයි ඒ සංවිධානයට විරුද්ධව නැගෙන චෝදනා වලට ආදාළ සංවිධානය ප්‍රතිචාර නොදැක්කුවත් එම් අයි 6 සංවිධානය විරුද්දව නැගෙන චෝදනා වලට බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්යංශය පිළිතුරු දෙමින් කියා සිටියේ ඒවායේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි.

මේ අතර ලිබියාවෙන් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරන්නේ මේ වන විටත් ලිබ්යාවේ නායක ගඩාෆි ඇතුළු පිරිස සැඟවී සිටින බවට සැක කෙරෙන බාර්නි වලිඩ් ප්‍රදේශයේ අවසාන මෙහෙයුම සිදු කිරීමට කැරලිකරුවන් සුදානම් වන බවයි. තවත් පය කිහිපයක් ඇතුළත අදාළ ප්‍රදේශයට තුන් පැත්තකින් පැහැදීමට කැරලිකරුවන් සූදානම් බවත් NATO සංවිධානය ඊට අවශ්‍ය ගුවන් සහය ලබා දීමට සූදානම් බවත් වාර්තා වේ.

Tell a Friend