ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු ලොක්කා නිරුපද්‍රිතව ගෙදර පැමිණෙයි.


හර්ෂි සි. පෙරේරා

ලිංගික හිංසනය පිළිබද චෝදනා එල්ලවූ හිටපු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ලොක්කා ස්ට්‍රෝස් කාන් ඉරිදා උදේ සිය ප්‍රංශයේ පිහිටි නිවස වෙත ලගා විය. ඒ ඔහුට එල්ලවූ චෝදනා නිශ්ප්‍රබා කර සති දෙකක් ගෙවියාමටත් පෙරය. කෙසේවෙතත් මෙම සිද්දිය ප්‍රංශ දේශපාලන සිතියම වෙනස් වීමට හේතු විය.

ඔහුව ඉතා උත්කර්ශවත් ලෙස පැරිස් ගුවන්තොටුපලේදී පිළිගැනිණි. ඔහුව කැටුව යාමට මද්යවෙදිනියක් වූ ඔහුගේ බිරිය පැමිණ සිටියාය.

ඔහුට නියු යෝක් හි හෝටලයක සේවිකාවකට ලිංගිකව හිංසා කිරීම පිළිබද චෝදනා එල්ල වූ අතර මැයි 14 වැනිදා පැරිසිය මුලික කරගත් ගුවන් යානයකින් ඉවත් කෙරිණි.

මාස 04 ක නඩු ඇසීමෙන් පසු ගෙදර පැමිණි මේ පුද්ගලයාට මීලගට ප්‍රංශයේ ජනාදිපතිවීමේ අවකාශයද ඇත.

කෙසේනමුත් ඔහුට එරෙහිව සිවිල් නඩුවක් සහ ප්‍රංශ ලේකිකාවක් දුෂණය කිරීමට තැත් කිරීමේ චෝදනාවක් පවතී.


Tell a Friend