මහජන බැංකුවෙන් පිනට මුදල්

සරත් අමුණුගමගේ දුවට මහජන බැංකුවෙන් රු.මිලියන 163ක මුදලක් කිසිදු චක්‍රලේකයක් නොමැතිව ලබා දී තිබේ
අමිල ගුණරත්න

සාමාන්‍ය පුද්ගලයෙකුට මහජන බැංකුවෙන් නයක් ගැනීම යනු දින ගණනක් රස්තියාදුවන කොළ ටොන් එකක් පුරවන වැඩකි. නමුත් අමාත්‍ය සරත් අමුණුගමගේ දුවට මහජන බැංකුවෙන් රු.මිලියන 163ක මුදලක් කිසිදු චක්‍රලේකයක් නොමැතිව ලබා දී තිබේ. මෙසේ මහජන බැංකුව විසින් අත හිත දී ඇත්තේ ආරක්ෂක ලේකම් උපදේශක දිලිත් ජයවීර හා වරුණි අමුණුගම විසින් සිදු කරගෙන යන ට්‍රයඩ් දැන්වීම් ආයතනයටය. මෙසේ ගෙඩි රුපියල් මිලියන 163 ක් දී තිබෙන්නේ මහජන බැංකුවේ පරිපාලන මණ්ඩලය හෝ ට්‍රයඩ් දැන්වීම් ආයතනය අතර කිසිදු ගිවිසුමක් අනුව නොවේ. එම නිසා දිලිත් ජයවීර හා වරුණි අමුණුගම විසින් මෙම නය මුදලට පොල්ලක් තැබුවහොත් අතීතයේ පාස්කරලිංගම් , වැනි පුද්ගලයන් දේශපාලන බලතල යොදා බැංකු නය අරගෙන ගෙවීම් පැහැර හැරිය විටදී ඒවා බොල් නය ලෙස කපා හැරිය ලෙසට කටයුතු කිරීමට සිදු වන බව මහජන බැංකුවේ විධායක නිලධාරියෙකු ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙත ප්‍රකාශ කළේය. මේ සම්බන්දයෙන් විමසීමට අප අමාත්‍ය සරත් අමුණුගම දුරකතනයෙන් සම්බන්දකර ගැනීමට උත්සහ කලද එය අසාර්ථක විය.

Tell a Friend