ඇඩෙල් බාලසිංහම් කොටි සල්ලි පිල්ලි ගසයි

අමිල ගුණරත්න

කොටි සංවිධානයේ හිටපු දේශපාලන නායකයෙකු වූ ඇන්ටන් බාලසිංහම් ගේ වැන්දඹු බිරිඳ ප්‍රභාකරන්ගේ මරණින් පසු කොටි සංවිධානය විසින් දෙමල ඩයස්පෝරාවෙන් එකතු කල ඩොලර් මිලියන ගණනක් තම පුද්ගලික භාරයට ගෙන තිබේ. එම මුදල් වලින් ස්ටර්ලින් පවුම් 500,000 වියදම් කොට ඇය ලන්ඩනයෙන් සුපිරි නිවසක් ද මිලට ගෙන තිබෙන බවට වාර්තා වේ. ප්‍රභාකරන්ගේ මරණින් පසු ඇන්ටන් බාලසිංහම් ගේ වැන්දඹු බිරිඳ ඇඩෙල් බාලසිංහම් කොටි කොටි සංවිධානය සමග ගනුදෙනු අතහැර දමා ඇත. සරණාගතයන් ලෙස විදේශ ගතවී ඔස්ට්‍රලියාවේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ කසල ශෝදන රැකියා වැනි අසීරු රැකියා කරමින් එදා වේල ගැට ගසා ගන්නා දමිල ජාතිකයන්ට විමුක්තිය පෙන්වා ඔවුන් විසින් දහ දුක් විඳ හම්බ කරන මුදල් මෙසේ තමන්ගේ සැප විහරණයට යොදා ගැනීමට කොටි සංවිධානයේ නායකයන් සිදු කරන බව දැන් නොරහසකි. ජනතාවට විමුක්තිය ගෙන ඒමට කියා ගනිමින් ආරම්භ කරන සෑම වියපාරයක්ම අවසානයේදී ජනතාවට කොකා පෙන්වා තමන්ගේ මඩිය තර කරගන්න බවත් කොටි සංවිධානය යනු දැන් දුෂණ ආකාරයක් බවත් කොටි සංවිධාන සමග එළිපිට මතවාදීව ගැටෙන මහවැලි රාජන් විසින් ප්‍රසිධියේ කියා තිබුණි. දමිල සරණාගතයන් විසින් තම ලේ කඳුළු දහඩිය මගින් උපයා කේ පී ට දෙන ලද ඩොලර් බිලියන 5 කට අධික මුදලද මෙසේ පිල්ලි ගිය බව ඔස්ට්‍රලියාවේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ දහඩිය වගුරවමින් එදා වේල ගැට ගසා ගන්නා දමිල ජාතිකයන් බොහෝ දෙනෙකු තවමත් දන්නේ නැත.
Tell a Friend