පොලිස් වධහිංසාව සහ අඟුලාන ද්විත්ව ඝාතන මහාධිකරණ තීන්දුව

| නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසිනි

කිසියම් පුද්ගලයෙකුට මරණීය දන්ඩනය තින්දු කිරිම සතුටුවීමට කරුණක් නොවේ. එම නිසා අප අද මෙම සාකචිඡාවට සහභාගි වන්නේ මෙම අපරාධ සමිබන්ධයෙන් වැරදිකරුවන් බවට පත් කොට මරණීය දන්ඩනයට නියම කරන ලද අඟුලාන පොලිස් නිළධාරින්ට සිදු වු එම සිද්ධිය පිළිබඳව සතුට ප්‍රකාශ කිරිමේ අරමුණින් නොවේ.මෙය ලංකාවේ කාටත් විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කරවිමේ යෙදෙන පොලිස් නිළධාරින්ට මහඟු පාඩමක් ඉගෙන ගත යුතු දිනයක් බවට පත් වී ඇත.’

අවුරුදු දෙකක කාලයක් ඇතුලතදි නඩුවක තීන්දුව ප්‍රකාශ කිරිමට හැකි විම වැදගත් කරුණකි’ එසේ එම නඩුව ඉක්මනින් තීන්දු කිරිමට හැකි වුනේ මෙම තරුණයන් දෙදෙනාගේ මරණය පිළිබඳව රට පුරාම ඇති වු විශාල ආන්දෝලනය හා රට පුරාම ඇති වු මත ප්‍රකාශ කිරිම නිසාය’ එම නිසා මෙම නඩුව විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේම ඇසීම මගිනුත් මෙම නඩුවේ ඇති වු කරුණු පිළිබඳව සමාජයේ ඇති වු අවධාරණය ප්‍රකාශයට පත් කරයි’

මෙම තරුණයන් දෙදෙනාගේ ජීවිත නැති කිරිම බරපතල කරුණක් ලෙස ලාංකිය සමාජය විසින් සලකනු ලැබු අතර ඒ පිළිබඳව ක්‍රියා කිරිම සහ රජය උනන්දු කරවා ගැනිමට විශාල ප්‍රයත්නයක් මාධ්‍ය ආයතන මගින් මෙන්ම එම ප්‍රදේශයේ ජීවත් වු ජනතාව තුලින්ද ලංකාවේ බොහෝ ප්‍රදේශවල වෙනත් ජනතාව තුලින්ද ක්‍රියා කිරිම, මානව හිමිකමි පිළිබඳව සක්‍රීය වන කණ්ඩායම් තුලින් ඇති වු උනන්දුවෙන්ද පෙන්නුමි කරන්නේ පොලිස් ස්ථානවල අත්අඩංගුවෙදී සිදුවන මරණ හා වධහිංසා නැති කිරිමට සමාජය තුල දැන් ඇති වි ඇති විශාල උනන්දුවයි’

මීට කලකට පෙර බොහෝ දෙනෙක් කල්පනා කලේ පොලිස් වධහිංසාව හා පොලිස් ස්ථානවලදී සිදුවන මරණ පිළිබඳව කථා කිරිමෙන් පලක් නැති බවත් පොලිස් නිළධාරින්ව වෙනත් ආයතන මගින් ආරක්ෂා කරන බවත් එම නිසා ඔවුන්ට විරුද්ධව සාධාරණ නඩු තීන්දුවක් පවත්වා ගැනීමේ හැකියාවක් නොපවතින බවය’ එහෙත් අඟුලාන තරුණයින් පිළිබඳව මෙම නඩුවෙන් ප්‍රකාශයට පත් වන්නේ තත්වය එසේ නොවන බවත් පොලිස් වධහිංසාව පිලිබඳ ප්‍රශ්ණය වෙනස් අපරාධ පිලිබඳ ප්‍රශ්ණයක් වෙනවා මෙන්ම අධිකරණ ක්‍රියා මාර්ග තුලින් විසදිය හැකි ප්‍රශ්ණයක් බවත් මේ පිළිබඳව නිසියාකාර තීන්දු ලබා දීමේ උනන්දුවක් සමාජයේ මෙන්ම අධිකරණ පද්ධතිය තුලද පවතින බවත්ය’

මෙම නඩුව ඉතාම වැදගත් ලෙස තව දුරටත් පෙනි යන්නේ මොන යම් හෝ බලපෑම් මාර්ග වලින් මෙම අධිකරණ ක්‍රියා මාර්ගය නැති කිරිමට නොහැකි වු බවත් විවිධ බලපෑමි මධ්‍යයේ වුවද මහජන උනන්දුවක් පවතින්නේ නම් යුක්තිය පසිඳ ලා ගැනිමේ හැකියාව තව දුරටත් පවතින බවත් සාධාරණ විනිශ්චයක් පිළිබඳව බලාපොරොත්තුවක් නැති කර ගැනිමට හේතුවක් නොමැති බවත් ලංකාවේ නොයෙක් ආකාරයේ යුක්තිය පසිඳලීමේ ගැටලු විසදා ගත හැකි ගැටලු බවත්ය’ එම නිසා කොළඹ මහාධිකරණය මගින් දෙන ලද මෙම තීන්දුව තුලින් ජනතාව හඬ ගා කියන එක් පණිවිඩයක් නමි නීතිය පොලිස් වධහිංසාව ගරු නොකරන බවත්ය’

නීතිය පොලිස් වධහිංසාව මත රැඳෙන දෙයක් නොව වෙනත් මාර්ග වලින් ක්‍රියා කරවිය යුතු දෙයක් වන අතර යුක්තිය පසිඳලීමේ දී ආධාරකරුවන් බවට පත් වන පොලිසිය ද ඔවුන්ගේ කටයුතු කළ යුත්තේ නිතියට යටත්ව නීතියේ සීමාවන් තුල බවත් එම සිමාවන්ගෙන් එපිට යන අවස්ථාවලදී ඔවුන්ද අපරාධකරුවන් බවට පත් වන බවත් එසේ අපරාධකරුවන් බවට පත්වු පසු අධිකරණ ක්‍රියා මාර්ග තුල ඔවුන්ට විශේෂ තත්වයක් නැති බවත් මරණීය දන්ඩනය වැනි ලංකාවේ පවතින බරපතලම දඩුවම පවා මෙම නිලධාරින්ටද අත් වන බවත්ය’ නීතියේ පවතින මෙම බැරැරුමි ප්‍රශ්ණය පිළිබඳව අවධාරණය යොමු කිරිම මගින් පොලිසිය තුල වධහිංසාව නැති කිරිම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් මෙි තුලින් මතුවිය යුතුය’

අඟුලාන පොලිසියේ නිළධාරින් විසින් මේ ආකාරයට තරුණයන් දෙදෙනෙකුගේ මරණය කිසියමි හෝ උසිගැන්වීමක් හෝ ප්‍රකෝපකාරිත්වයකින් තොරව කරන මටිටමට යාමට සිදුවුයේ බොහෝ කාලයක් තුල පොලිස් ස්ථානය තුලදී කර ඇති වධහිංසා කිරිමේ පුරුද්ද නිසා බවද දැන් කවුරුත් දනිති’ මෙසේ වධහිංසා කිරිම පොලිසියක් තුල පැවතුනහොත් එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි මරණ සිදුවිමද වැලැක් විය නොහැකි බවත් එසේ ඒ තත්වයට පත් වුවාට පසු නීතියෙන් සහනයක් මෙම නිලධාරින්ට පවා නොලැඛෙන බවත් කොළඹ මහාධිකරණයේ මෙම නඩුව මගින් ප්‍රකාශයට පත් වේ’

එම නිසා අනාගතයේදි මෙවැනි ජිවිත නැති කිරිම වැලැක්විමට නම් ගත යුතු ක්‍රියා මාර්ගය වන්නේ නිතිය නීතිමය වශයෙන් පමණක් කරන එමගින් වධහිංසාව මුලුමනින්ම අතහැර දමන පොලිස් ක්‍රමයක් තුල පමණි. ’මෙවැනි පොලිස් පරිවර්තන අද ලෝකයේ බොහෝ තැන්වල සිදු කරගෙන ඇත’ මෙවැනි ක්‍රියා මාර්ගයන් සිදු වුවාට පසු පොලිසිය තුල මෙවැනි අපරාධ සිදුවිමට ඇති ඉඩකඩ ඇහිරි යයි’

එසේ ඉඩකඩ ඇහිරි යන තරමට මහජන සහයෝගය ලැබිමද වැඩි වේ.’ බය වැඩිවන තරමට සහයෝගය නැති වේ ’ සහයෝගය හා බය අතර පවතින්නේ එකිනෙකට පරස්පර විරෝධි සමිබන්ධතාවයකි’ බය නැති වන තරමට සහයෝගය වැඩි වන අතර අපරාධකරුවන් පිලිබඳ තොරතුරු පොලිසියට ලබා දිමට උනන්දු වන මහජනතාවගේ ප්‍රමාණයද වැඩි වනු ඇත’

එසේ වැඩි වුවහොත් නීතිය තමන් අතට ගැනිමට ඇති උනන්දුව මිනිසුන් තුලින් නැති වි ග්‍රීස් යකා වැනි සිද්ධීන් වලක්වා ගැනිමටද මාවත පෑදෙනු ඇත’ ග්‍රිස් යකා ආදී වැනි සිද්ධීන් ඇති කිරිමේ වාතාවරණය වී ඇත්තේ නීතිය ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් පොලිසියට නැති උනන්දුව පිළිබඳව දැඩි සැකයක් මිනිසුන් තුල පැවතීමටත් එම නිසා නීතිය ක්‍රියාත්මක කිරිමට තමුන්ම ඉදිරිපත් වීමක්ය’ එසේ ඉදිරිපත් වු පසු ඔවුන් අතින්ද සිදු වන්නේ අපරාධ වැලකි. රට පුරාම සිදු වු විශාල උද්ඝෝෂණ වලින් පැහැදිලි වන්නේ නිතීය නිසි ලෙස ක්‍රියා කර ගැති වන්නාවු පොලිසියක් නිර්මාණය කර ගැනිමේ ඇති හැකියාවත් මහජන විශ්වාසය දිනා ගත හැකි පොලිස් ක්‍රමයක් ඇති කිරීමත්ය’

අඟුලානේ මිනිමැරුමි සිද්ධියේ තින්දුව තුලින් මහාධිකරණය ලංකාවේ ජනතාවට ගෙනා පනිවුඩය නමි ලංකාවේ පොලිසිය තුල ඇති වී ඇති ප්‍රශ්ණය විසදා ගැනිමට අධිකරණය මාධ්‍යයක් කර ගත හැකි බවත් අධිකරණයද බලාපොරොත්තු වන්නේ නීති ගරුක පොලිසියක් බවත්ය’ මෙම සේවාස්ථ පරිවර්තන අනාගතයේදි ඇති කර ගත යුතුය’

(2011’08’26 දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙි වෙළඳ සේවය ඔස්සේ ප්‍රචාරය වු මානව හිමිකමි වැඩ සටහනින් උපුටා ගෙන සැකසුවේ කිංස්ලි කරුණාරත්න )

Tell a Friend