කොළඹ සිට යාපනයට යන පුද්ගලික බස් රථ වැල්ලවත්තෙන් ආරම්භ කිරීම තහනම් කර තිබේ. මෙම තහනම කර තිබෙන්නේ වැල්ලවත්ත පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා විසිනි.
යුද්ධයට පෙරත් යුද්ධ කාලයේදීත් යුද්ධය නිමා වීමෙන් පසුවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ කොළඹ සිට යාපනයට යන බස්රථ වල ගමන් ආරම්භය සිදුකෙරුණේ කොළඹ බහුතර දෙමළ ජනතාවක් පදිංචිව සිටින වැල්ලවත්ත ප‍්‍රදේශයෙනි.
පසුගියදා වැල්ලවත්තෙන් යාපනය බලා යාමට සූදානම්ව තිබූ පුද්ගලික බස් රථ ගණනාවක් අත් අඩංගුවට ගත් වැල්ලවත්ත පොලීසිය පසුව අද ප‍්‍රකාශ කර ඇත්තේ ලබන 30 වෙනිදිනට පසු යාපනය බලා යන පුද්ගලික බස් රථ ආරම්භය වැල්ලවත්තෙන් ආරම්භ කිරීම වහාම නවතා දමන ලෙසත් වැල්ලවත්තෙන් නැතිව වෙන කොහේ හෝ ස්ථානයකින් ආරම්භ කළත් තමන්ට ප‍්‍රශ්නයක් නැති බවත් ය.
මේවා සිදු කිරීම අතීත යුද්දය අනාගත යුද්දයක් කිරීමට පසුබිම සකසා දීමකි.

Post a Comment